Friday 1 May 2020

සංගීතය

විෂය                  -  සංගීතය

පාඩම                - සංගීත භාණ්ඩ

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-05-01

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන් දරුවනේ......!!!

''සංගීත භාණ්ඩ''  පාඩම යටතේ පහුගිය දවසේ සංගීත භාණ්ඩ කිහිපයක් පිළිබඳව අපි ඉගෙන ගත්තා.   අද  තවත් සංගීත භාණ්ඩ කීපයක් ගැන බලමු. 

වයලීනය

තන්ත්‍රීය වාද්‍ය භාණ්ඩ ගණයට අයත් වන වයලීනය තත්  හතරකින් යුතු ලෝකය පුරා ප්‍රචලිත වී පවතින ජනප්‍රිය ගණයේ සංගීත භාණ්ඩයකි. ලෝකයේ විවිධ වූ ශෛලීන් සියල්ලටම පාහේ  ආවේණික වූ ගුණයකින් යුතු ව යොදා ගත හැකි සංගීත භාණ්ඩයක් වීම මෙහි විශේෂත්වයයි.
මෙහි ආරම්භය පිළිබඳව විවිධ මත පවතී. එක් මතයක් ලෙස ඉන්දියාවේ බිහිවූවක් ලෙසද, තවත් මතයක් ලෙස වියොලාව නම් භාණ්ඩයක් ඇසුරෙන්  යුරෝපයේ බිහිවූ බව ද,  යනාදී ලෙස මත ගිහි කිහිපයක්  පැවතුනද, ලාංකිකයන් ලෙස අපට උරුම වූ අදහසක්ද  පවතී. ඒ රාවණ  හස්තය නම් සංගීත් භාණ්ඩය රාවණා යුගයේදී බිහිවි ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනය වී වර්තමාන ස්වරූපයෙන් දැකගන්නට හැකි  බවයි.




වයලීනය සුසර කෙරෙන ආකාර කිහිපයක් අධ්‍යයනය කළ හැක.




 වයලිනයේ කොටස් මෙසේ හඳුනා ගනිමු 




වයලීන් පවුලේ සාමාජිකයින් 4 දෙනෙක් හඳුනා ගත හැක. ඒ,  

වයලීනය
වියෝලා
චෙලෝ
ඩබල්බේස් 






බටනළාව

බටනලාව 

සුළං ආධාරයෙන් හඬ උපදින "සුෂිර" භාණ්ඩ ගණයට අයත් වන බට නලාව, බට ලී භාවිතයෙන් නිෂ්පාදනය වී ඇත. ගොපල්ලන් අතර ප්‍රචලිතව පැවතුණි පැවැත්වුණු මෙම සංගීත භාණ්ඩය අද වන වනවිට දියුණු සංගීත ක්‍රමයන් හා සහ සම්බන්ධ වී විකාශනය වී ඇත. සුළං පිඹීමට එක් සිදුරකුත්, ඇඟිලි භාවිතයෙන් තොර නිපදවා ගැනීමට තවත් සිදුරු හයකින් යුත් සමන්විත වී ඇත. තිරස් ආකාරයට හා සිරස ආකාරයට වාදනය කරනු ලබන බට නලා වර්ග දෙකක් ඉන්දියානුවන් අතර ප්‍රචලිත වී ඇත. බන්සුරි හා මුරලි එම වර්ග දෙකයි.

පණ්ඩිත් පන්නලාල් ගෝස්. පණ්ඩිත් හරිප්‍රසාද් චෞර්සියා අති දක්ෂ ඉන්දියානු බටනලාව වාදකයින් ලෙසත්, අනිල් මිහිරිපැන්න, වී හේමපාල යන අය ලාංකේය දක්ෂ බටනලා වාදකයන් වේ.
විවිධ ස්වරයන් ශ්‍රැතකොටගත් බට නලා වර්ග රාශියක් භාවිතයේ ඇත. පාසලේ  දී බොහෝවිට භාවිතා කරන්නේ ජී වර්ගයේ බටනලාවයි.



















හොඳයි දරුවනේ එහෙනම් අදට පාඩම ඉවරයි.  


සුභ දවසක්...!!!


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

No comments:

Post a Comment