Friday 15 May 2020

සංගීතය


විෂය                  -  සංගීතය

පාඩම                -  රබන් පද

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-05-15

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන්
සංගීත පාඩම ට කට්ටිය ලෑස්තිද

ආ හරි
ඔයාලා දැකලා තියෙනවද රබන්
ඒ දැකලා තියන රබාන කොයි වගේ එකක්ද

හරි මම රබාන ගැන මෙහෙම කියන්නම්කො

රබන් වර්ග දෙකක් තියනවා
01. අත් රබාන
02.බංකු රබාන

ඔයාල දැකල ඇති විරිඳු කියන්න පාවිච්චි කරන  රබානක්. අන්න ඒකට කියන්නේ අත් රබාන කියලා
තව එකක් දැකල ඇති අවුරුදු කාලෙට බිම තියාගෙන වාදනය කරන  රබානක්. අන්න ඒක බංකු රබාන
මං ඒ දෙකේම පින්තූර දෙකක් දාන්නම්

අත් රබාන


බංකු රබාන


මේ දෙකෙන් අද අපි කතා කරන්නේ බංකු රබාන ගැන
ලී කණු තුනක් ආධාරයෙන් බංකුවක් වැනි යමක් මත තබා වාදනය කරනු ලබන රබාන බංකු රබාන  කියලා කියනවා
රබන් පද වාදනය කරනු ලබන්නේ බංකු රබානෙන්
මතක තියා ගන්න ඕන දෙයක් තියෙනවා රබන් පද සඳහා භාවිතා කරන්නේ බංකු රබාන. රබන් කවි සඳහා භාවිත කරන්නේ අත් රබාන. ඔය දෙක පටලවගන්න එපා.

සාමාන්‍යයෙන් අඟල් තිස් හයක් විතර විස්කම්භයක් බංකු රබාන සඳහා යොදා ගන්නවා. කොහොඹ, කොස්, ගංසූරිය වගේ ලී වර්ගයකින් තමයි බංකු රබානක් හදාගන්න භාවිතා කරන්නේ. මුහුණතට එළු හමක් හෝ හරක් හමක් යොදා ගන්නවා. අර අපි කලින් කතාකරපු බංකුව උඩ රබාන  තියලා යටින් අඟුරු දාල යම් උණුසුමක් රඳවා ගනිමින් තමයි බංකු රබාන වාදනය කරන්නේ.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමයේ දී බහුලව යොදා ගන්නවා. ඊට අමතරව පැරණි සාම්ප්‍රදායික විවාහ මංගලෝත්සව, සාම්ප්‍රදායික ප්‍රීති ජනක උත්සව සඳහා භාවිතා භාවිත කරනව.
බොහෝ සෙයින් බංකු රබාන වාදනය කිරීම සඳහා කාන්තාවන් සහභාගී වන නමුත්, ගැහැනු පිරිමි භේදයකින් තොරව බංකු රබාන වාදනය කරයි. කිහිප දෙනෙක් සාමූහිකව රබන් පද වාදනය කරන අතරතුර තවත් කෙනෙක් එම තාලයට නර්තනයක් ඉදිරිපත් කරන අවස්ථා ද රබන් වාදනයේ දී දැකිය හැකියි.
දැන් කියන්න බලන්න ඔයාලා දන්න රබන් පද ටිකක්

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්න වර පෙත්තප්පු

මේක ඔයාල හැමෝම අහල තියෙන රබන් පදයක්
කවුරු හරි කෙනෙක් මේක වාදනය කරල කරලා පෙන්නන්න බලන්න.
පුලුවන්ද

හරි මං වාදනය කරලා පෙන්නන්නම්කො



දැන් ඔයාලට පුළුවන් ඔය අහල පහල තියෙන මොකක්හරි තට්ටුවක් දාන්න පුළුවන් දෙයක් ප්‍රයෝජනයට අරගෙන මේ පද වාදනය කරන්න පුරුදු වෙන්න. හැබැයි කඩලා බිඳලා දාලා අම්මගෙන් ගුටි කන්නේ නැති වෙන්න.
ඊළඟ රබන් පදය



මේකත් පුරුදු වෙලා මට එවන්න බලන්න අඩුපාඩු හදා ගන්න
ඊළඟ එක......



හරි....අද දවසේ පැවරුම
අපි දැන් මේ පුරුදු වුණු විදිහට ඊළඟට මම දාන වීඩියෝ එකේ තියෙන රබන් පද ටික පුරුදු වෙලා මට එවන්න ඕන.



එහෙනම් අදට ඇති නේද.

හැමෝටම
සුබ දවසක් 

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

චිත්‍ර කලාව


විෂය                  - චිත්‍ර

පාඩම                - ගෝලාකාර වස්තූන් ඇඳීම

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-05-15

වේළාව              - ප.ව. 2.00


ආයුබෝවන්!!!

දරුවනේ සුබ දවසක් 

අපි චිත්‍ර පාඩමට සූදානම් වෙමු.
අද අපි බලමු සරළ ක්‍රියාකාරකමක් මේක සරළයි කීවට අපිට ඉදිරියට ගොඩාක් වැදගත් වන ක්‍රියාකාරකමක්
අපිට චිත්‍ර කලාවේ අපූරු නිර්මාණ කරන්න ප්‍රධාන අංග 3ක ඕනි කියල ඔයාලා දන්නවා.

වර්ණ,රේඛා,හැඩතල,

අපි මේ සාධක3 ප්‍රයෝජනයට අරන් තමයි මූලික වශයෙන් කලා නිර්මාණයක් කරන්නේ
අපි අද බලමු ගෝලාකාර හැඩයක් නිර්මාණය කිරීමේ ක්‍රම මොනවාද කියල.



මේ තියෙන්නේ වෘත්තාකාර හැඩය මෙහි කිසිඳු ත්‍රිමාන ලක්ෂණයක් දකින්නට නෑ. මොනාද ත්‍රිමාන ලක්ෂණ කියන්නේ ඕනෑම වස්තුවක දිග පලල උස දැක්වීම අපිට ත්‍රිමාන කියල කියන්න පුළුවන්  තව විදිහකට කීවොත් වස්තුවක ඝනත්වය ,ගැඹුර දැක්වීම කියලත් කියන්න පුළුවන් තවත් විදිහකට කීවොත් 3D කියල කියන්න පුළුවන්
අපි බලමු දැන් ⁣කොහොමද මේ වැඩේ කරන්නෙ කියල
මුලින්ම ඔයාල ච්‍ත්‍රය අඳින කඩදාසියේ වෘත්තාකාර හැඩයක් අඳින්න
මේ ක්‍රියාකාර කම මුලින්ම පැන්සලෙන් කරල පසුව වර්ණ කරල කරමු




අපි මේ වැඩේට  බෝලයක් අරගෙන තියාගෙන ආරම්භ කරමු මොකද අපිට හොඳින් ඒ වස්තුවේ ස්වහාවික ආකාරය බලා ගන්න පුළුවන්

වීඩියෝ කොටසෙ අපි දැක්ක කොහොමද එළිය අඳුර දක්වමින් වර්ණ කරන්නෙ කියල.ඇත්තටම මේක ඔයාලා තනියම බලල තේරුම් ගන්න ඕනි දෙයක් ඒ නිසා මුලින්ම බෝලයක් මේසය උඩ තියල බලන්න කොහොමද එළිය වැටෙන්නෙ කොහොමද අඳුර වැටන්නෙ කියල.ඔයාලා තියන බෝලයේ පින්තූරයක් ක්‍රියාකාරකම අවසානයේ  මට එවන්න

 අපිට පේන්න ඕනි ආලෝකය හොඳින් වැටෙන තැන් වඩාත්ම ආලෝකමත් වෙනව අනෙක් තැන් ක්‍රමයෙන් අඳුරු වෙනව කියන දේ මම දැන් ඔයාලට දෙන්නම් ඒවගේ ඇඳපු ලස්සන වැඩ ටිකක් ඔයාලටන් පුළුවන් ඒ නිර්මාණ බලල අලුත් නිර්මාණයක් කරන්න




බලන්න මේ නිර්මාණය දෙස ආලෝකය අඳුර පෙන්නල තියෙන ආකාරය ඒ වගේම ආලෝකය හොඳින්  විනිවිද යන ආකාරය දැක්වීම හරිම ලස්සනයි නේද

දැන් පාඩමට සම්බන්ධ වෙලා ඉන්න දරුවො තමන් කරන අභ්‍යාසය මට එවන්න බලන්න

මේ අභ්‍යාස හොඳින් පුරුදු වුනොත් අපට ⁣ඉදිරියට ගොඩක් දේවල් කරන්න පුළුවන්.



අපි මුලඉඳන්ම පුරුදු වෙමු නේද

කෝ බලන්න තාම කවුරුත් එවිවෙ නෑනෙ බලන්න

අපිට නිදහසේ ඉන්න වෙලාවට පැන්සලක්,කොලයක් අරන් මේව අඳින්න පුළුවන් නිතර නිතර කරන්න පටන් ගත්තම අත හොඳට හුරු  වෙනව. ඒ වගේම නිතරම ස්වභාවික පරිසරයේ තියෙන වස්තූන් අපි අධ්‍යනය කරන්න ඕන. එහෙම උනාමතමයි හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්




ඔයාලට පුළුවන් මේ දේවල් අැඳල යාළුවො දෙමව්පියෝ පුදුම කරන්න පැන්සලනින් කරන්න පුළුවන් දේවල් බොහොමයි නේද




මේ තියෙන්නේ මේ අභ්‍යාසය හොඳින් පුරුදු වුනොත් කරන්න පුළුවන් වැඩ අපි ටික ටික පුරුදු වෙමු නේද.

එහෙනම් අපි අදට පාඩම අවසන් කරමු. අපි ඊලඟ දවසෙ තවත් හැඩයක් අඳින්න පුරුදු වෙමු. සියලුම දෙනා අභ්‍යාස කරල මට එවන්න ඕනි අද දවස ඇතුලත. ඔයාලට පුළුවන් විදිහට අපි අඩුපාඩු හදාගනිමු. එහෙනම් සියලුම දෙනාට

තෙරුවන් සරණයි!!!

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

ගණිතය



විෂය                   -  ගණිතය

 පරිවේණාචාර්ය  - කේ ඒ ගුණරත්න

 පාඩම                - සාධක හා ගුණාකාර

 දිනය                 - 2020-05-15

 වේලාව             - පෙ.ව.8.00


















මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.