Sunday 10 May 2020

චිත්‍ර




විෂය                  - චිත්‍ර

පාඩම                - පෝස්ටර් නිර්මාණය

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-05-10

වේළාව              - ප.ව. 2.00


සියළුම දෙනාට

ආයුබෝවන්!!!

අපි අද චිත්‍ර පාඩම මෙතනින් ආරම්භ කරමු

ඔයාලා හැම දෙනාටම මේ දවස් ටිකේ අලුත්ම අත්දැකීම් ලැබුන. අධ්‍යාපනය,සාරධර්ම,විනෝදාත්මක අවස්ථා, අපි මුලින්ම මේ හැමදේම අපිට ඔයාලට ලබා දුන්  ගෞරවණීය නායක හාමුදුරුවන් වහන්⁣සේට,ගරු පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේට,⁣ගෞරවණීය මහා සංඝරත්නයට, ගුරුවරුන්ට, විශේෂයෙන්ම තිලකරත්න සර්ට ස්තුතිය පුද කරමු.

දැන් ඔයාලා බලනව ඇති අද පාඩම මොකක්ද කියල. අද පාඩමේ ආරම්භය තමයි මම මුලින්ම ප්‍රකාශ කලේ.
අද අපි ලස්සන පෝස්ටරයක් නිර්මාණය කරමු. ඒකෙ පසුබිම තමයි "ධීරානන්ද අපේ පාසලේ ඩිජිටල් වෙසක් කලාපය"

 ඔයාලා දැක්ක අලංකාර වෙසක් කලාපයක් අපි හැමෝම නිර්මාණය කලා.අපේ බාලදක්ෂ බලකාය ලස්සන තොරණ් නිර්මාණය කලා,මහා සංඝරත්නය ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කලා. වෙසක් සුබපැතුම්පත් නිර්මාණය කලා. අලංකාර වෙසක්කූඩු වෙසක් සැරසිලි කලා. ඉතින් මේ සියලුම කටයුතු කරන්න අපිට අවස්ථාව ලබා දුන් ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ සැමට ස්තුතිය ප්‍රකාශ කරන්නට මේ පොස්ටරය නිර්මාණය කරමු.

අපි බලමු මොනවද පෝස්ටරයක අඩංගු විය යුතු කරුණු කියල.

1  පණිවිඩයක් තිබිය යුතුය
2  එම පණිවිඩය කෙටියෙන් ප්‍රකාශ විය යුතුය (මෙහිදී දිගු වැකි අඩංගු නොකල යුතුය.)
3  ඇස් ඇදගන්නාසුළු නිර්මාණයක් විය යුතුය.( පෝස්ටර් බලන්නේ හදීසියකට ගමනක් යන පුද්ගලයින් නිසා පණිවිඩය කෙටියෙන් ඔවුන්ට දැනිය යුතුය.)
4  තේමාවට ගැලපෙන සිතුවම් ,වර්ණ අඩංගු විය යුතුය
5  අවශ්‍ය පණිවිඩය කෙටි වචන කිහිපයකින් ලබා දිය යුතුය.
   
දැන් අපි බලමු නිදසුන් කිහිපයක්




අපි විවිධ අවශ්‍යතාවයන් සඳහා පෝස්ටර් නිර්මාණය කරනු ලබනවා  වෙළෙඳ ප්‍රචාරණ කටයුතු ,අධ්‍යාපනික කටයුතු ,දේශපාලන කටයුතු,සෞඛ්‍ය තොරතුරු දැනුවත් නිරීමට

මේ ආදී විවිධාකාර කටයුතු වෙනුවෙන් අපි පෝස්ටර් නිර්මාණය කරනු ලබනවා.





මේ බලන්න සරළ රූප සටහන් මගින් පණිවිඩය කෙටියෙන් ප්‍රකාශ කරන ආකාරය
පුංචි අපිට ලස්සන වෙසක් කලාපයක් ලබා දුන් ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ සියලුම දෙනාට ස්තුතිය පල කිරීම තමයි අපේ පණිවිඩය. මේ පණිවිඩය නිර්මාණාත්මක ආකාරයට ඔයාල ලියල එවන්න බලන්න
අනෙක් වැදගත් කාරණය තමයි අපි භාවිතා කරන අකුරු. අකුරු අලංකාර ලෙස අඳන්න ඔින අකුරේ මූලික හැඩයට හානියක් නොවන අයුරින්.




බලන්න මේ අකුරු දෙස විවිධාකාර හැඩතල වලින් නිර්මාණය කරල තියෙනව.හැබැයි මේ අකුරුවල මූලික හැඩයට හානියක් වෙලා නෑ නේද?

කෝ බලමු වැඩේ ආරම්භ කල දරුවො එවන්න බලන්න

අද දවස ඇතුලත අභ්‍යාසය අවසන් කරන දරුවන්ට වැඩි ලකුණු ලබා දෙනවා.

අදට අපිට තිබෙන කාලය අවසානයි අපි අදට පාඩම මෙතනින් අවසන් කරමු අභ්‍යාසය අවසන් කරල මට එවන්න. සියලුම දෙනාට

තෙරුවන් සරණයි!

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

නර්තනය



විෂය                  - නර්තනය

පාඩම                - තාල අවබෝධය

පරිවේණාචාර්ය  - විරාජ් ජයවර්ධන

දිනය                 - 2020-05-10

වේළාව              - පෙ.ව. 11.30


ආයුබෝවන් !!!

අපේ දරුවෝ හැමෝටම.......

කෝ බලන්න නර්තනය කරන දරුවෝ ඉන්නවද කියලා......
අද පාඩම නම් නියමයි......තාම මතකෙන් ගිහිල්ලා නැති ඔයාලා කැමතිම වෙන මාතෘකාවක්........




මේක තමයි අද පාඩම.....

"වෙසක් උත්සවය"

හොඳයි පුතාලා ....අපි වෙසක් මංගල්‍යය පවත්වන්නේ මොකටද කියලා දැන් හොඳටම දන්කවා අපි......
ඒ අපේ බුදු පියාණන් වහන්සේගේ
ඉපදීම,බුදුවීම,පිරිනිවන් පෑම කියන තෙ මගුල සිහිපත් කරන්න.......





දැන් මම එවනවා මේ තෙමගුල ගැන කියවෙන ලස්සන videos කිහිපයක්.......ඒවත් data තියෙන විදියට බලන්නකො පුතාලා......






අපි දැන් භාවිතාකරන වර්ෂ ක්‍රමයට අනුව වෙසක් උත්සවය මාසය යෙදෙන්නේ මැයි මාසයේ........
ඒ වගේම දරුවනේ මේ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක්.......
හොඳයි දැන් කල්පනා කරලා බලන්න අපි වෙසක් එකට මොනවගේ දේවල්ද කරන්නෙ කියලා
අපි තෙරුවන්ට පුද පූජා වශයෙන් ගොඩාක් දේවල් කරනවා........
ඒවා

ආමිස පූජා.....
ප්‍රතිපත්ති පූජා
කියලා කොටස් දෙකකට බෙදනවා

ඒ අතර අපේ විෂයට සම්බන්ධ නර්තන ගායන වාදන ආදි කලාංගයන් අයිති වෙන්නෙ ආමිස පූජා හැටියට ඉතින් ඒවා කොහොමද මේ වෙසක් උත්සවයේ භාවිතා වෙලා තියෙන්නෙ

වෙසක් පහන් කූඩු....
පෙරහැර
භක්ති ගීත
වෙසක් නාට්‍යය
වෙසක් තොරණ








මේ තොරණ සහ පහන් කූඩු ආදියට චිත්‍ර ශිල්පීන් විසින් ලොකු මෙහෙයක් ඉටුකරනවා.....






ඒ වගේම මේ තියෙන්නෙ පුතේ පෙරහැර අවස්ථා......
බොහෝ පන්සල් වෙහෙර විහාරස්ථාන වල මේ අවුරුද්දෙයි ගිය අවුරුද්දෙයි නැති වුණත්....පෙරහැරවල් පවත්වනවා වෙසක් මංගල්‍යය හේතුකරගෙන

ඒ වගේම සෑම විහාරස්ථානයකම පාහේ පොහොය දවසේ හේවිසි ශබ්ද පූජා පැවැත්වීම සිරිතක්.....

මේ කර්තන ගායන වාදන අවස්ථාවන්ට....
හේවිසි වාදන,වෙස් නැටුම්,තෙල්මේ නැටුම්,විවිධ ගැමි නැටුම්,උඩැක්කි පන්තේරු නැටුම් ආදී බොහෝ නැටුම් වර්ග භාවිතා වෙනවා





මේ බැති ගී වැඩසටහනක්.....
මේ, වෙසක් උත්සවයට සංගීත ශිල්පීන්ගේ දායකත්වය ලැබෙන අවස්ථාවක්.....






මේ වෙසක් නාට්‍යයක් රඟ දැක්වූ අවස්ථාවක්.......එතකොට නාට්‍ය ශිල්පීනුත් තමන්ගේ දායකත්වය වෙසක් මංගල්‍යය සැමරීම සඳහා ලබා දෙනවා....








හොඳයි මගෙ පුතාලා දැන් බලන්න...අපි  වෙසක් උත්සවයේ, ප්‍රතිපත්ති පූජාවලුත් ගොඩාක්  කරනවා.....
ඒ අතර පන්සල් ගොස් අට සිල් සමාදන්ව සිල් රැකීම....

විවිධ දානයන් පිරි නැමීම

⁣#ලේ දන් දීම
#ඇස්කණ්නාඩි ලබාදීම
#කිහිලි කරු,රෝදපුටු            ලබාදීම
#ආහාරපාන ආදීය දන්දීම
හොඳයි පුතාලා එහෙමනම් වෙසක් උත්සවය ගැන හොඳ අවබෝධයක් මේ හරහා වගේම......
පසුගිය දින ටිකේදිත් ඔයාලට ලැබෙන්න ඇතිනෙ නේද......
එහෙමනම් පහතින් අහන ප්‍රශ්ණ වලට ලිළිතුරු ලියලා මට එවන්න ඉක්මණට.......


Audio

🙏🙏අයුබෝවන්....තෙරුවන් සරණයි හැමෝටම...



මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

ඉතිහාසය



විෂය                  - ඉතිහාසය

පාඩම                - ශ්‍රී ලංකාව ජනාවාස වීම

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-05-10

වේළාව              - පෙ.ව. 8.00



















































මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.