Sunday 3 May 2020

නර්තනය

විෂය                  - නර්තනය

පාඩම                - තාල අවබෝධය

පරිවේණාචාර්ය  - විරාජ් ජයවර්ධන

දිනය                 - 2020-05-03

වේළාව              - ප.ව. 5.00



හොඳයි නර්තනය කරන දරුවෝ ටික දැන් එකතුවෙන්නකෝ........
අපිට........තාල අවබෝධය පාඩමේ ඉතිරි ⁣කොටසයි දැන් කරන්න තියෙන්නෙ පුතේ..........
මම හිතනවා දැන් පුතාලට ප්‍රස්තාරයක් ගැන මූලික අවබෝධයක් තියෙනවා කියලා.........
ඒ වගේම යම් ගායනයකට තාල තැබීම ගැනත්



මේක තමයි පුතේ අපි ඒ විදියට ලබපු තාලාවබෝධය  පිළිබඳ දැනුමෙන් අවසානයේ ඔබ කල යුත්ත...
දැන් ඔබට ලඝු ගුරු අක්ෂර පිළිබදවත්....තාල තැබීම ගැනත් අවබෝධය තියෙන නිසා පහත අභ්‍යාස ටික කරන්න...........
ඔබේ සම්පූර්ණ නම ලියා එහි ලඝු අකුරු යටින් කුඩා ඉරක්ද ගුරු අකුරු යටින් ්‍ර සංකේතයත් යොදන්න...
ඒ සලකුණට අපි කියන්නෙ චන්ද්‍රවංක සළකුණ කියලා.....
එහෙම ලියලා ලඝු කීයද ගුරු කීයද කියලා වෙන වෙනම ලියන්න......
 ඒ වගේම වත්තට යන්නම් මලක් කඩන්නම්.....කියන කවිය අකුරු 2න් දෙක වෙන් කරලා......පොඩි ප්‍රස්ථාර සටහනකට දාන්න....මුලින් උපදෙස් දීලා තියෙන විදියට....
1,2  1,2 1,2 1,2 කියලා නම් කරලා තියෙන ප්‍රස්තාරයට අර 2න් 2ක වෙන් කරගත්තු කවියේ වචන දාලා..1කියන ඉලක්කමට ඉහළින් තිත වාදනය කරන අන්දම සටහන් වලදී අපි ඉගෙන ගත් ආකාරයට සටහන් කරන්න.......මට එවන්න....
 ඒ වගේම පහළින් එවන කාර්ය පත්‍රිකාව සම්පූර්ණ කරලා එවන්න.....





තෙරුවන් සරණයි....ඉක්මනින් වැඩ කරලා එවන්න.......🙏🙏🙏
තෙරුවන් සරණයි....


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

සංගීතය

විෂය                  -  සංගීතය

පාඩම                -  ළමා ගී

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-05-03

වේළාව              - ප.ව. 4.00





ආයුබෝවන් දරුවනේ......!!!



අද අපි අලුත් පාඩමකට යමු. සින්දු කියමුද. ඔයාලා කොහොමද සින්දු කියන්න ආසයි. ඒකනෙ ඉස්කෝලෙදි බෙල්එක ගහල ඉවර වෙන්නත් කලින් සංගීත් කාමරේ ළඟ ඉන්නේ. හරි එහෙනම් අද පාඩම,

විද්‍යුත් මාධ්‍යයන්හි ප්‍රචලිත ළමා ගී

පුතේ, මිනිස්සු පණිවිඩ මිනිසුන් පණිවිඩ හුවමාරු කරගන්න ක්‍රම වලට අපි පොදුවේ කියනවා ජනමාධ්‍ය කියලා. මෙන්න මේ ජනමාධ්‍ය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.  එකක් තමයි මුද්‍රිත මාධ්‍ය. ඒ කියන්නේ අපිට අවශ්‍ය තොරතුරු මුද්‍රණය කරලා බෙදාගැනීම. පත්තරේ කියන්නේ එහෙම මාධ්‍යයක්.   ඊළඟ එක විද්‍යුත් මාධ්‍ය. තොරතුරු තරංග ඔස්සේ විකාශනය කිරීමක් තමයි මේකෙදි වෙන්නේ. ගුවන් විදුලිය සහ රූපවාහිනිය කියන්නේ අන්න ඒ විද්‍යුත් මාධ්‍ය ගණයට වැටෙන මාධ්‍යයන් දෙකක්.

ළමා මනසට කතා කරන ගුවන් විදුලිය, රූපවාහිනිය වගේ මාධ්‍යවල ප්‍රචාරය කරන ගීත තමයි අද අපේ මාතෘකාව. 


මේ කාලෙ නම් ළමා ගීත වැඩිය ඇහෙන්නේ නෑනේ. නමුත් මීට දශක දෙක තුනකට කලින් ඕන තරම් ළමා ගීත ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් අහන්න ලැබුණා. වැඩිය හරියක් ගුවන් විදුලියෙන්. මං එහෙම කිව්වෙ රූපවාහිනිය ආරම්භ වෙන්න කලින් තමයි ගුවන් ගුවන්විදුලිය ආරම්භ වුණේ.  ඒ නිසා රූපවාහිනියට වඩා ප්‍රමාණයක් ගුවන් විදුලියේදී ළමා ගීත ප්‍රචාරය වුණා. ගුවන් විදුවිදුලියේ ළමා මණ්ඩපය කියන්නේ ළමා ගීතයේ උපත කියලා කිව්වොත් වැරදි නෑ.

මේ ගීතවල තිබුණේ ළමා මනසට ගෝචරය වන යහපත් ඇමතුම්පැවතුම්, ළමා සිතුම් පැතුම්, සිරිත් විරිත් සාරධර්ම, උපදේශ වගේ  දේවල්. අපි බලමු  එහෙම ගීත ටිකක්....

ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ, 
ටක් ගානවා ටික් ගානවා,
 මනකල් හද විල් තලයේ,
 බල්ල පිදුරු කන්නෙත් නෑ,
 සීනි කෝපි තේ කිරි තේ,
 ඉස්සර කාලේ හඳ මාමා,
 උදෑසනම පොඩි අපි දිව එනවා,
 අම්මා මාව දොයි කරන්න,
 අපෙ අම්මා කොළඹ ගිහිල්ලා,
 මල්ක් නෙලා ගෙනවිත්,
 සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන, 
කොන්ද නමාගෙන,
 කොණන්ඩෙ දිගට දාලා
 කොටුව වැටිච්ච පුංචි සරම,
 සුරතල් නංගියෙ අපෙ අම්මා 


ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම ගණයේ   ගීත රචකයන් වශයෙන්  කරුණාරත්න අබේසේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ , අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, යූ  ඒ එස් පෙරේරා, ඩෝල්ටන් අල්විස්, සුනිල් ආරියරත්න වැනි අය පෙන්වා දිය හැක.

 තනු නිර්මාණ කරුවන් අංශ ක්ලැරන්ස් වී විජේවර්ධන, ක්ලෝඩ් ද සොයිසා, මිල්රෝයි ධර්මරත්න, නන්දා මාලනි යූ  ඒ එස් පෙරේරා, වික්ටර් රත්නායක, ස්ටැන්ලි පීරිස්, කුලරත්න තෙන්නකෝන්, ඩී ආර් පීරිස්, සරත් වික්‍රම ටියුලින් ජයරත්න, ෂෙල්ටන් ප්‍රේමරත්න වැනි සංගීතඥයන් පෙන්වා දිය හැක. 

ගායක ගායිකාවන් ලෙස නන්දා මාලනී, ශිරෝමාලා ප්‍රනාන්දු, මල්ලිකා කහවිට, පේෂලා මෙන්ඩිස්, මනෝජ් ප්‍රනාන්දු, ප්‍රියංකා වීරසේකර, එල්සි රුද්‍රිගු, උරේෂා රවිහාරි, ශිරෝමි ප්‍රනාන්දු වැනි ගායක ගායිකාවන් පෙන්වා දිය හැක.




මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

චිත්‍ර කලාව


විෂය                  - චිත්‍ර

පාඩම                - වෙසක් සුබ පැතුම් පත් නිර්මාණය

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-05-03

වේළාව              - ප.ව. 12.30



ආයුබෝවන් දරුවනේ
අද අපිට තියෙනවා විශේෂ වැඩක් කරන්න ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ සියලුම දරුවන්,ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සෑම දෙනා වෙනුවෙන් අපි සංවිධානය කර තිබෙනවා වෙසක් වැඩසටහන් මාලාවක් ඉන් එක් අංගයක් ලෙස "වෙසක් සුබපැතුම්පත් නිර්මාණ" තරඟයක් ඔබ සැම ⁣වෙනුවෙන් සකස් කර තිබෙනවා. මේ සඳහා චිත්‍ර,නැටුම්,සංගීතය  යන අංශ 3 ටම අයත් සැමට සම්බන්ධ විය හැක. අපි බලමු කොහොමද වෙසක් සුබපැතුම්පතක් නිර්මාණය කරන්නේ කියල. මුලින්ම තමන් විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන නිර්මාණයේ සැලැස්මක් සකස් කර ගත යුතුය.
ඉන් පසුව මේ සඳහා සුදුසු අමුද්‍රව්‍ය කිහිපයක් සොයාගත යුතුය.  අපි බලමු මොනවද අපට සපයා ගතහැකි දේවල් කියල.

1  අපිට ක්‍රම කිහිපයකට මේ වැඩේ කරන්න පුළුවන්
  * සිතුවම් ඇඳීම මගින්
  * වර්ණ කඩදාසි කැබලි අලවල
  * ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයක් කලාත්මනව එකතු කරල උදාහරණ ලෙස වියලි මල්,වියලි කොල,සිහින් වැලි,ගස්වල වියලි පොතු ආදිය මගින් අලංකාර නිර්මාණ බිහිකරගත හැකිය.
මම ඔයාලට නිර්මාණ කිහපයක් පෙන්වන්නම් උදාහරණ ලෙස






මේ කඩදාසි ඇලවීම ,කැපීම, මගින් කල නිර්මාණ කිහිපයක්. මම ඊලඟට ඔයාලට පෙන්වන්නම් සිහින් වැලි වලින් කල නිර්මාණයක්



මෙය වෙසක් සුබ පැතුමක් නොවෙයි නමුත් මෙය මා ඉදිරිපත් කලේ අදහසක් ලබා දීම සඳහාය.



මේ තියෙන්නේ තවත් අදහසක් මා මෙය නිර්මාණය කිරීමට භාවිතා කලේ සිහින් තඹ පත්‍රයක් මෙිවා දැන් සපයා ගන්න ඔයාලට අපහසුයි හැකි ⁣කෙනෙක් උතිසහ කරල බලන්න.
මම ඔයාලට පෙන්නුවේ නිර්මාණාත්මක අදහස් කිහිපයක්. දැන් අපි බලමු මේ අදහස් කොහොමද මවසක් සුබ පැතුම්පතක් නිර්මාණය කිරීමට යොදාගන්නෙ කියලා.
වෙසක් සුබ පැතුමක ප්‍රධාන වශයෙන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන ආකාරයෙන් නිර්මාණයක් කල යුතුය.
එසේම අප කාරුණික බුදුරජාණන්වහන්සේ ගේ බොදු  සිතුවිලි  තම හිතමිතුරන් සමඟ බෙදාගැනීම් අරමුණින් කල යුතුය.
මේ සඳහා ඔයාල කවි,නිසඳැස් නිර්මාණය කර සුබපැතුම ඉදිරිපත් කලයුතුය.



මේ බලන්න පොඩි උදාහරණයක්
මෙවැනි නිර්මාණයක් සුබ පැතුමි පතට යොදන්න. ලස්සන අදහසක් ඔයාල නිර්මාණය කරල.
අපි මෙවර වෙසක් උත්සවයට අපූරු වෙසක් සුබ පැතුම් පත් නිර්මාණය කරමු. මේ සෑම නිර්මාණයකටම ඇගයීමක් ලබා දීමට සංවිධායක මණ්ඩලයට කටයුතු සලසමින් සිටිනවා.
මැයිමස 4.වෙනිදා වන විට මෙ⁣ම නිර්මාණ අප වෙත ලැබෙන්න සලස්වන්න ඕන.නිර්මාණය සමඟ ඔබෙි ජායාරූපයක්,සම්පූර්ණ නම,අමතක නොකර එවන්න ඕන.




මේ අප් දරැවෙක් කරල එවල තියෙන සුබ පැතුම්පතක්
7 C පන්තියේ සිතිජ පුතා
දැන් පාඩමට සම්බන්ධ දරුවන් වැඩේ ආරම්භ කරමු මුලින්ම කටු සටහනක් අඳින්න ඒක මටත් එවන්න බලන්න.
7 වසරෙ දරුවන් දැන් වැඩේ ඉවරකරල මට එවනවා හොඳ නිර්මාණ එවා අකර තියෙනවා.
වෙසක් සුබ පැතුම්පතට ඔයාල එකතු කරන්න ඕන සරල අදහස් සෞම්‍ය වර්ණ,සරළ පින්තූර
මෙි සියලුම නිර්මාණ පාසල ආරම්භ කල පසු එකතු කරන නිසා පරෙස්සමට තියාගන්න ඕනි.
හොඳම නිර්මාණ වලට හොඳ ඇගයීමකුත් ලැබෙනවා.
එහෙනම් අදට අපි නවතිමු හැකි ඉක්මනින්  නිර්මාණ එවන්න 


සියලුම දෙනාට තෙරුවන් සරණයි!


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

ඉතිහාසය


විෂය                  - ඉතිහාසය

පාඩම                - ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-05-03

වේළාව              - පෙ.ව. 8.30








































































මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.