Thursday 30 April 2020

පුරවැසි අධ්‍යනය


විෂය                  - පුරවැසි අධ්‍යයනය

පාඩම                - අප ප්‍රදේශය ඇති භෞතික සම්පත්

පරිවේණාචාර්ය  - රාජික මනෝජ්

දිනය                 - 2020-04-30

වේළාව              - ප.ව. 4.00


ආයුබෝවන් දරුවනේ...!!!

අපි දැන් පාඩමට සූදානම් වෙමු. 






මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

විද්‍යාව

විෂය                  - විද්‍යාව

පාඩම                - ශක්තිය

පරිවේණාචාර්ය  - නදිත් නිශ්ශංක

දිනය                 - 2020-04-29

වේළාව              - පෙ.ව. 8.30



ආයුබෝවන් . හරි දැන් අපි පාඩම පටන් ගමු. පහත සටහන් ඉස්කොලේ සටහන් පොතේ ලස්සනට ලියා ගන්න.











දැන් අපි කලින් සතියේ කල ක්‍රියාකාරකමි මතක් කර ගමු.එවා කරපු නැති අය කරන්න.








මිට අමතරව අපි කුඩු ලිප සැදුවා. අද අපි 4.4 හා 4.5 ක්‍රියාකාරකම් කරමු.අවශ්‍ය දෙවල් සපයා ගැනිමෙදි ගෙදරදි හොයා ගන්ඩ පුලුවන්  විකල්ප ද්‍රව්‍ය යොද ගන්ඩ.






කරපු ක්‍රියාකාරකම් මගේ පුද්ගලික  whats app එකට එවන්න.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Wednesday 29 April 2020

"සොඳුරු සැන්දෑව"

දිනය      - 2020.04.29
වේලාව   - ප.ව. 6.00

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 
පද         - රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය  - බන්දුල විජේවීර

අද ගැයුම- පියුමි කෞශල්‍යා ඒකනායක

දේශක   - නාලක ඉල්ලවතුර
              ඕස්ට්‍රේලියාවේ ක්‍රයිජිබර්න් සිට...



ධීරානන්ද විද්‍යායතනයේ සිසු දරුවන්ගේ ආකල්ප ඉහළ නැංවීම සඳහා, දිනේෂ් සම්පත් කුමාරසිරි මහතාගේ අදහසක් මත ක්‍රියාත්මක වූ මාසික ගීත රසවින්දනාත්මක වැඩසටහන, මාර්ගගත ක්‍රමයට අනුව "සොඳුරු  සැන්දෑව" නමින් මේ වනවිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව  එක් දේශකයෙකු විසින් එක් වරකට එක් ගීතයක් බැගින් අර්ථ විග්‍රහයක් සිදුකෙරෙන අතර එම අර්ථ විග්‍රහයන්, සජීවී ඉදිරිපත් කිරීමක් සමඟ විද්‍යායතනයේ  වට්ස්අප් සමූහ හා Blog තුළ මෙසේ මුදා හැරෙනු ඇත. එහෙනම්,

එන්න විඳගන්න 


"සොඳුරු සැන්දෑව"


අර්ථ දිගහැරුම - ප්‍රවීණ දේශක/ කථිකාචාර්ය 
නාලක ඉල්ලවතුර........



සුබ සැන්දෑවක්.....

ඔබට, මට, අපි හැමකෙනෙකුටම අම්මා කෙනෙක් ඉඳලා තියෙනවා. ඇගේ උණුසුම දැනිල තියෙනව. අද තමන් අතර ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ව දාලා ගියා වෙන්නත් පුළුවන්. ඒත් මව් සෙනෙහස එක මොහොතක් හෝ විදින්නට වාසනාව තිබුන නිසයි ඔබ මේ ලියමන කියවන්නෙ.
මෑතකදී මට කියවන්නට ලැබුණු විචාරයක අම්මලා කොටස් තුනකට බෙදලා තිබුණා.ඒ එක අම්ම කෙනෙක් තමයි අහසෙ අම්මා. 

අහසෙ අම්ම කියල කියන්නෙ අපිට කවිකතාකාරයො එහෙම නැත්තං සාහිත්‍යකරුවො මවල දීල තියෙන අම්මා. අපි දැකල නෑ. අපි ස්පර්ශ කරල නෑ. කිසාගෝතමිය කියන්නෙ එහෙම අම්ම කෙනෙක්. පටාචාරව,  එහෙමයි. යශෝධරාව, ඒත් එහෙමයි. ඒ අපේ පරමාදර්ශී මාතෘත්වය. සමහර විට අපි දැක නැහැ අසා තිබෙනවා පමණයි. 

ඊළඟ අම්මා තමයි මේ මොහොතේ සමාජය තුළ අපි  දකින නෙත් සිත් වශී කරන අම්මා. ඇන්කර් වෙළඳ දැන්වීමේ ඉන්න අම්ම. ඒ අම්ම හරි තරුණයි. ඒ නියපොතුවල තියෙන්නෙ අමුතු සුන්දරත්වයක්. ඇගේ දෙතොල් සුන්දරයි. හරියට රාහුල හාමුදුරුවන්  "සිසි වන උවණ ඉඟ සුඟ ගත හැක මිටින නිසි පුළුලුකුල පුලුලුකුල රිය සක යුරු තිසර තන" කියලා දැකපු කාන්තාව වගේ. මේ අම්මා ෆේස්බුක් යන, පයෝධර ආරක්ෂා කර ගන්න තමන්ගෙ දරුවන්ට හරියට කිරි නොදෙන, එහෙම නැත්නම් තමන්ගේ රූපය අලංකාර කර ගන්න විවිධ උපක්‍රම අත්හදා බලන්න ගිහිල්ලා මිය යන්න පවා සිද්ධ වෙන කෙනෙක්. 

හැබැයි තව අම්මා කෙනෙක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි මේ ඔබේ අපේ අම්මා.රෑ දවල් දෙකේ නැතුව අපිට කන්න දෙන්න  බොන්න දෙන්න වෙහෙස මහන්සි වෙන අම්මා. සමහර විට තාත්තාගෙන් ගුටි කාලා. කවදාවත් ඇය තම නියපොතු වර්ණ ගන්නල නෑ. ඇය ෆේස්බුක් ගැන දන්නේ නැහැ. හැබැයි ඇය මාතෘත්වය ගැන දන්නවා. එහෙම අම්මල තමයි අපිට කන්න දෙන්න බොන්න දෙන්න කඳුළු නෑඹිලියට දාල සහල් ගරන්නෙ. 

 ලෝකයේ කිසිම දිනෙක පිරිමි ඔබට විඳින්නට නොහැකි වේදනාවක් දරාගෙන මේ ලෝකෙට බිහි කළ අම්මා. පහු කාලෙක අපේ ලෝකේ  ලොකු වෙනකොට, අපට ලෝකයේ දොරවල් විවර වෙන කොට, පුංචි කාලේ අපි ළඟ මහා වෘක්ෂයක් වගේ හිටිය අම්මා අපට පුංචි වෙන්න ගන්නවා. ඊට පස්සේ පස්සේ අපේ ලෝකෙට තවත් බොහෝ අය එනවා. ඒත් වැරදුණු දවසට ආපහු එනකොට ගෙදර ඉන්නේ අම්මා විතරයි. මේ තමයි අම්ම. එහෙම අම්මා කෙනෙක්, තමන් අම්මා කෙනෙක් වුණු දවසක, එහෙම නැත්නම් තමන් තාත්තා වුණු දවසක, තමන්ගේ දරුවා නළවන්න නැළවිලි ගී කියද්දී ඈ මේ ලෝකේ නැති නම්, ඒ හැඟීම හැමෝටම වේදනාත්මකයි.

ඉතිං අපි සිහිකරගමු අපේ අම්මව


ලෝකෙ කොහේ හරි විඩාවට පත්වෙලා අවසන නැවත හැරී ගෙදර එනකොට එදා වගේම ඇය ඉඳිකඩ ළඟ බලා හිඳීවි අපි එනතුරු අපේ අම්මා .........






සිංහල

විෂය                  - සිංහල

පාඩම                - නරි බෑනා නාට්‍ය

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-04-29

වේළාව              - ප.ව. 4.00










































ක්‍රියාකාරකම්.

1. නරි බෑනා නාට්‍යයේ කතුවරයා/නිෂ්පාදකයා කවුද ?

2. ඔහු පිළිබඳ තොරතුරු නකටියෙන් සපයන්න.

3. ⁣මෙම නාට්‍යයේ චරිත මොනවාද?

4. මෙම නාට්‍ය කෙටියෙන් ලියන්න.

5. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කුමක්ද?

6. නරිබෑනා නාට්‍යයෙන් ගත හැකි ආදර්ශ මොනවාද?

7. නරිබෑනා නාට්‍ය ගායනාකොට whatsApp මගින් පෙන්වන්න.








මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

English

Subject  - English

Lesson  - Essay (My favorite animal)

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-04-29

Time     - 7.00 A.M




Tuesday 28 April 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය




විෂය                  -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පාඩම                -  පුනරීක්ෂණ ඇගයීම

පරිවේණාචාර්ය   - ප්‍රදීප් සජීව හේරත්

දිනය                 - 2020-04-28

වේළාව              - ප.ව. 4.00



සුබ සැන්දෑවක් පුතාලා හැමෝටම....!!!

අද මම ඔයාලට ICT - 2 වන පාඩම වන "පරිගණක විද්‍යාගාරය ආරක්ෂිතව භාවිතය" යන පාඩම ආවරණය වන පරිදි සකස් කළ ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්නයි අදහස් කලේ.
මෙම ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න වලට පිළිතුර ලිවීමට පෙළ පොත උපයෝගී කරගන්න. පාඩම හොදින් කියවා පිළිතුර ලියන්න. ප්‍රශ්නය සහ පිළිතුර පාසලේ දී භාවිතා කරන සටහන් පොතේ ලියන්න.




කලබල නොවී වෙලාව අරගෙන මෙය සිදු කරන්න.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Sunday 26 April 2020

නර්තනය



විෂය                  - නර්තනය

පාඩම                - දේශීය නර්තන සම්ප්‍රදායයෝ

පරිවේණාචාර්ය  - විරාජ් ජයවර්ධන

දිනය                 - 2020-04-26

වේළාව              - ප.ව. 5.30

ස්තුතියි ජනක සර්🙏🙏🙏🙏

කෝ බලන්න නැටුම් කරන අපේ දරුවෝ..........ඉන්නවද පුතේ......
හොඳයි අද අපේ මාතෘකාව

"ගැමි නැටුම් හඳුනා ගනිමු"


ගැමි නැටුම් කියන්නෙ සාම්ප්‍රදායික නැටුම් නෙවෙයි පුතේ.........
සාම්ප්‍රදායික නැටුම් අපි කලින් පාඩමෙන් ඉගෙන ගත්තනේ නේද.........
ඒවා උඩරට,පහතරට,සබරගමු,විදියටනේ වර්ග කෙරෙන්නෙ.......
මේ කතාකරන්නෙ ඒවා ගැන නෙවෙයි........
මේ අපේ මුතුන් මිත්තො....
තම තමන්ගෙ විනෝදය වෙනුවෙන් හදාගත්ත විවිධ නැටුම් වර්ග.......
ඒවාට අපි ගැමි නැටුම් කියනවා.......
එදිනෙදා භාවිතා කරන කුමක් හෝ භාණ්ඩයක් අතින් රැගෙන ඒවා ගැන කවි කියමින් ඒ භාණ්ඩ වලින් සාමාන්‍ය ජීවිතයේදි කරන ක්‍රියාකාරකම් ලස්සන සරල චලන විදියට යොදාගෙන තමයි මේ නැටුම් ඉදිරිපත් කලේ
දන්න විදියට පොඩි පොඩි බෙරපද ⁣මේවට තාලෙට කවුරු හෝ වාදනය කලා....
පිරිසක් එකතු වෙලා තමයි පුතේ ගැමි නැටුම් රංගනය කලේ........
ඒක විශේෂත්වයක් හරිද
අනික තමයි අනිවාර්යෙන් යමක් අතේ තියෙනවාමයි ගැමි නැටුම් වලදි......
හොදයි ඒ පිළිබඳ තවත් සටහන් ටිකක් මම එවනවා පුතාලට.........හරිද.....










ඉහත ඡායාරූප ලීකෙලි නැටුම්






මේ කළගෙඩි නැටුම





මේ කුලු නැටුම





මේ සවරං සහ චාමර නැටුම්





පතුරු නැටුම





වේවැල් නැටුම




කඩු නැටුම




ගොයම් කැපීමේ නැටුම





රබන් නැටුම




මෝල්ගස් නැටුම

හොඳයි මගෙ පුතාලට දැන් ලංකාවේ ප්‍රචලිත ගැමි නැටුම් වර්ග ගැන හොඳ අවබෝධයක් තියෙනවා නේද?.............
හොඳට බලන්නකෝ....
මේ හැම ඡායාරූපයකම ඉන්න හැමෝගෙම අතේ රංග භාණ්ඩයක් තියෙනවා...
ඒ වගේම ඒවා සමූහ නැටුම්........

තනි තනිව නටන එකක්වත් නෑ නේද........



මෙන්න මේ කලගෙඩි නැටුම් පිළිබඳ සටහනත් හොඳින් කියවන්න
ඒවගේම දරුවනේ පහලින් ලීකෙලි සහ කළගෙඩි නැටුම් වල youtube videos කිහිපයක් මම එවනවා.....ඒ link වලින් ගිහින් ඒවා බලලා තව තවත් මෙ ගැමි නැටුම් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන....
මම පහළින් එවන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න....








1=ගැමි නැටුම් බිහිවූයේ       කුමන අරමුණක් සඳහාද?

2=ගැමි නැටුම්වල විශේෂ ලක්ෂණ 5ක් ලියා දක්වන්න

3=ගොයම් කැපීමේ නැටුමේදී අත තිබෙන රංග භාණ්ඩය කුමක්ද?

4="කදිර පුරේ යකු කඩවර යකුට යකඩ හුල දෙවන්ඩ".....
යන කවිය අැතුළත් වන ගැමි නැටුම කුමක්ද? 

5=මෙම ගැමි නැටුම් රඟදැක්වීමේදී දෙවි වරුන්ට නමස්කාර කරමින් ඒවා සිදු කරන බවට කියැවෙන කවියක් ලියන්න

6=කළගෙඩි කවි දෙකක් ලියන්න

7=කළගෙඩි නර්තනය දැකිය හැකි අවස්ථා 04ක් ලියන්න

8=කළගෙඩි සහ ලී කෙලි නර්තන අතුරින් කාන්තා සුන්දරත්වය වැඩියෙන් කියවෙන්නේ කුමන නැටුමකද?

9=දඟේ ගෙතීම,දඟේ මල්ලිය,ලී මල්ලිය යනුවෙන් හඳුන්වන ක්‍රියාකාරකම දකින්නට ලැබෙන්නේ කුමන ගැමි නැටුමකද?

10=ඒ ගැන කියවෙන කවියක් ලියන්න......


හොඳයි මගෙ පුතාලා එහෙනම් මේවාට පිළිතුරු මගේ පෞද්ගලික whatsapp එකට එවන්න........🙏🙏🙏


ආයුබෝවන් හැමෝටම.....

තෙරුවන් සරණයි.......

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.