Sunday 26 April 2020

නර්තනය



විෂය                  - නර්තනය

පාඩම                - දේශීය නර්තන සම්ප්‍රදායයෝ

පරිවේණාචාර්ය  - විරාජ් ජයවර්ධන

දිනය                 - 2020-04-26

වේළාව              - ප.ව. 5.30

ස්තුතියි ජනක සර්🙏🙏🙏🙏

කෝ බලන්න නැටුම් කරන අපේ දරුවෝ..........ඉන්නවද පුතේ......
හොඳයි අද අපේ මාතෘකාව

"ගැමි නැටුම් හඳුනා ගනිමු"


ගැමි නැටුම් කියන්නෙ සාම්ප්‍රදායික නැටුම් නෙවෙයි පුතේ.........
සාම්ප්‍රදායික නැටුම් අපි කලින් පාඩමෙන් ඉගෙන ගත්තනේ නේද.........
ඒවා උඩරට,පහතරට,සබරගමු,විදියටනේ වර්ග කෙරෙන්නෙ.......
මේ කතාකරන්නෙ ඒවා ගැන නෙවෙයි........
මේ අපේ මුතුන් මිත්තො....
තම තමන්ගෙ විනෝදය වෙනුවෙන් හදාගත්ත විවිධ නැටුම් වර්ග.......
ඒවාට අපි ගැමි නැටුම් කියනවා.......
එදිනෙදා භාවිතා කරන කුමක් හෝ භාණ්ඩයක් අතින් රැගෙන ඒවා ගැන කවි කියමින් ඒ භාණ්ඩ වලින් සාමාන්‍ය ජීවිතයේදි කරන ක්‍රියාකාරකම් ලස්සන සරල චලන විදියට යොදාගෙන තමයි මේ නැටුම් ඉදිරිපත් කලේ
දන්න විදියට පොඩි පොඩි බෙරපද ⁣මේවට තාලෙට කවුරු හෝ වාදනය කලා....
පිරිසක් එකතු වෙලා තමයි පුතේ ගැමි නැටුම් රංගනය කලේ........
ඒක විශේෂත්වයක් හරිද
අනික තමයි අනිවාර්යෙන් යමක් අතේ තියෙනවාමයි ගැමි නැටුම් වලදි......
හොදයි ඒ පිළිබඳ තවත් සටහන් ටිකක් මම එවනවා පුතාලට.........හරිද.....










ඉහත ඡායාරූප ලීකෙලි නැටුම්






මේ කළගෙඩි නැටුම





මේ කුලු නැටුම





මේ සවරං සහ චාමර නැටුම්





පතුරු නැටුම





වේවැල් නැටුම




කඩු නැටුම




ගොයම් කැපීමේ නැටුම





රබන් නැටුම




මෝල්ගස් නැටුම

හොඳයි මගෙ පුතාලට දැන් ලංකාවේ ප්‍රචලිත ගැමි නැටුම් වර්ග ගැන හොඳ අවබෝධයක් තියෙනවා නේද?.............
හොඳට බලන්නකෝ....
මේ හැම ඡායාරූපයකම ඉන්න හැමෝගෙම අතේ රංග භාණ්ඩයක් තියෙනවා...
ඒ වගේම ඒවා සමූහ නැටුම්........

තනි තනිව නටන එකක්වත් නෑ නේද........



මෙන්න මේ කලගෙඩි නැටුම් පිළිබඳ සටහනත් හොඳින් කියවන්න
ඒවගේම දරුවනේ පහලින් ලීකෙලි සහ කළගෙඩි නැටුම් වල youtube videos කිහිපයක් මම එවනවා.....ඒ link වලින් ගිහින් ඒවා බලලා තව තවත් මෙ ගැමි නැටුම් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන....
මම පහළින් එවන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න....








1=ගැමි නැටුම් බිහිවූයේ       කුමන අරමුණක් සඳහාද?

2=ගැමි නැටුම්වල විශේෂ ලක්ෂණ 5ක් ලියා දක්වන්න

3=ගොයම් කැපීමේ නැටුමේදී අත තිබෙන රංග භාණ්ඩය කුමක්ද?

4="කදිර පුරේ යකු කඩවර යකුට යකඩ හුල දෙවන්ඩ".....
යන කවිය අැතුළත් වන ගැමි නැටුම කුමක්ද? 

5=මෙම ගැමි නැටුම් රඟදැක්වීමේදී දෙවි වරුන්ට නමස්කාර කරමින් ඒවා සිදු කරන බවට කියැවෙන කවියක් ලියන්න

6=කළගෙඩි කවි දෙකක් ලියන්න

7=කළගෙඩි නර්තනය දැකිය හැකි අවස්ථා 04ක් ලියන්න

8=කළගෙඩි සහ ලී කෙලි නර්තන අතුරින් කාන්තා සුන්දරත්වය වැඩියෙන් කියවෙන්නේ කුමන නැටුමකද?

9=දඟේ ගෙතීම,දඟේ මල්ලිය,ලී මල්ලිය යනුවෙන් හඳුන්වන ක්‍රියාකාරකම දකින්නට ලැබෙන්නේ කුමන ගැමි නැටුමකද?

10=ඒ ගැන කියවෙන කවියක් ලියන්න......


හොඳයි මගෙ පුතාලා එහෙනම් මේවාට පිළිතුරු මගේ පෞද්ගලික whatsapp එකට එවන්න........🙏🙏🙏


ආයුබෝවන් හැමෝටම.....

තෙරුවන් සරණයි.......

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

සංගීතය



විෂය                  -  සංගීතය

පාඩම                - සංගීත භාණ්ඩ

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-04-26

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන් දරුවනේ......!!!

ලෑස්තිද පාඩමට

අද පාඩම " සංගීත භාණ්ඩ". මේ පාඩමේදී සංගීත භාණ්ඩ කිහිපයක් ගැනම ඉගෙන ගන්න පුලුවන්. ඒ අතරින් පළමු සංගීත භාණ්ඩය, "හාර්මෝනිකා"
ඔයාල "මවුත් ඕගන්" කියල කියන්නේ. ආං ඒක. එහෙනම් මෙතනින් එහාට මං දාන දේවල් ඔයාල ලියාගන්න ඕන.

හාර්මෝනිකා Harmonica

පිඹීමෙන් හඬ හඬ නිපදවාගනු ලබන සුසිර භාණ්ඩ ගණයට අයත් වන සංගීත භාණ්ඩයක් ලෙස හාර්මෝනික හැඳින්විය හැක. කුඩා නලා සමූහයකින් සමන්විත වූ පහසුවෙන් පරිහරණය කළ හැකි සංගීත භාණ්ඩයකි. මුව තබා පිඹින විට සුළං ධාරාවන් reed රීඩ් නම් කොටස කම්පනය වීමෙන් නාදය නිපදවේ. එනිසාම ඇතැමුන් මෙය mouthorgan ලෙස ව්‍යවහාර කරනු ලබයි. ප්‍රධාන වශයෙන් harmonica වර්ග දෙකකි.

01.diatonic Harmonica
02.chromatic Harmonica

diatonic Harmonica එක් සිදුරක් තුළින් ස්වර දෙකක් උපදවයි. මුවින් පිටතට සුළං පිඹීමෙන් එක් ස්වරයකුත්, මුව තුළට සුළං ඇද ගැනීමෙන් තවත් ස්වරයකුත් නිපදවෙන වේ.එසේ නිපදවාගන්නා ස්වර සියල්ලම ශුද්ධ ස්වර වීමද විශේෂත්වයකි.

chromatic harmonica ව ස්වර දොළහම 12 ම නිපදවා ගත හැකි harmonica වර්ගයයි. එක් පසෙකින් ඇති යතුරක් එබීමෙන් හා ලිහිල් කිරීමෙන් ශුද්ධ ස්වර හතට අමතර ව විකෘති ස්වර පහ ද නිපදවා ගත හැකි අන්දමට මේ සකස් වී ඇත.







මෙලෝඩිකා

මෙය සුලඟේ ආධාරයෙන් හඬ නිපදවන ස්වර පුවරු සංගීත භාණ්ඩයකි. මෙය  keyboard කීබෝඩ් භාණ්ඩ පවුලේ සරලම වූත් පහසුම වූත් සංගීත භාණ්ඩයකි. හඬතල අනුව මෙලෝඩිකාව වර්ග 4කට වෙන් කර දැක්විය හැක.

01.Soprano 
02.Alto 
03.Tenor 
04.Bass 

සොප්‍රානෝ වර්ගයේදී වඩාත් ඉහළ හඬ පරාසයක් ද, ඇල්ටෝ වර්ගයේ දී මධ්‍යම ඉහළ හඬ පරාසයක් ද, ටෙනර් වර්ගයේදී, මධ්‍යම පහල හඬ පරාසයක් ද, බේස් වර්ගයේදී පහල හඬ පරාසයක් ද නිපදවෙන අයුරින් නිෂ්පාදනය වී ඇත.



recorder flute

සුසිර භාණ්ඩ ගණයට අයත් වන අයත් වන රෙකෝඩර් ෆ්ලූට් ඉතා සංයමයෙන් යුතුව වාදනය කළ යුතු භාණ්ඩයකි. බටහිර සංගීතයේ දී recorder flute  සඳහාම වෙන් කරනු ලැබූ වාදන ඛණ්ඩ නිර්මාණය වී ඇත. මෙම භාණ්ඩය ද 

01.Soprano, 
02.Alto, 
03.Tenor,  
04.Base 
ලෙස හඬ තල හතරට අනුව වර්ග කොට නිපදවා ඇත.




glockenspiel ග්ලෝකන් ස්පීල්

එක් එක් ස්වරයන්ට අනුව සුසර කළ ලෝහ පටි කැබලි රාශියක් සවිකර නිපදවා ඇති සංගීත භාණ්ඩයකි. මෙය  අවනද්ධ ගණයට අයත් වන්නක් වන අතර ස්වර පුවරු සංගීත භාණ්ඩ ආකෘතියට අනුව නිපදවා ඇත. සරල වාදන ඛණ්ඩ මේ සඳහා නිර්මාණය වන අතර,  දෙකක් එකවර වාදනය කරන ශිල්පාංගය වන harmony වාදනය කිරීමේ හැකියාව ද ඇත.



හාමෝනියම්(සර්පිනා)

 සුලඟේ ආධාරයෙන් හඬ නිපදවා ගන්නා සංගීත භාණ්ඩ ගණයට අයත් වන මෙය ස්වර පුවරු සංගීත භාණ්ඩයකි. එක් එක් ස්වරයට වෙන වෙනම reed රාශියක් පිහිටා ඇති අතර එම රීඩ් හරහා සුළං ධාරාව යැවීමෙන් හඬ නිපදවා ගැනීම සිදුවේ.හින්දුස්තානී සංගීත සම්ප්‍රදායේ ප්‍රධාන ස්වර පුවරු සංගීත භාණ්ඩය මෙය වේ. 

කකුලෙන් පාගමින් සුළං රඳවා ගන්නා වර්ගය  ෆුට් බැලෝ  සර්පිනා ලෙස ද, අතින් බැලූ කරමින් සුළං රඳවා ගන්නා රඳවාගන්නා වර්ගය හෑන්ඩ් බැලෝ සර්පිනා ලෙස ද වර්ග දෙකකි.

එසේම එක් නලා පද්ධතියක් ඇති සර්පිනා single reed harmonium ලෙස ද, නලා පද්ධති දෙකක් ඇති සර්පිනා double reed harmonium  ලෙස ද, නලා පද්ධති තුනක් පිහිටා ඇති සර්පිනා tree set harmonium ලෙස ද වර්ග වේ.

මීට අමතරව එක් එක් ස්වරයට හිමි යතුරු හුවමාරු කළ හැකි සේ සැකසූ සර්පිනා scale changer harmonium ලෙසද නම් ඇත.










විද්‍යුත් ස්වර පුවරුව Electronic Keyboard

වාදකයන් සමූහයකගේ  සහභාගිත්වයෙන් වාදනය වන්නා වූ සංගීත නිර්මාණයක්,එක් පුද්ගලයෙකුට  තනිවම ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත සංගීත භාණ්ඩයක් වශයෙන් විද්‍යුත් ස්වර පුවරුව හැඳින්විය හැක. ඉතා අවම මිල ගණනක සිට ලක්ෂ දහයක පමණ වටිනාකමක් දක්වා, පහසුකම් අඩු වැඩි සහිත ව වර්තමාන වෙළෙඳ පොළේ විද්‍යුත් ස්වර පුවරු දක්නට ඇත. පටිගත කිරීම, ගබඩා කිරීම, සංගීත භාණ්ඩයන්හි ස්වභාවික හඬ එපරිද්දෙන් ම ලබා ගැනීම වැනි පහසුකම් රාශියක් මෙමගින් ලබා ගත හැක. මීට අමතරව පරිගණකය හා සම්බන්ධ කොට ගනිමින් විවිධ නිර්මාණ කිරීමේ හැකියාව ද පවතී. මෙය synthesizer ලෙස ද නම් කෙරේ.
සර්පිනාව, පියානෝව ආදී ස්වර පුවරු සංගීත භාණ්ඩ වලට නියම කළ ස්වර  අභ්‍යාස, ස්වර ස්ථාපන ගීත යනවා දිය මෙම වාද්‍යය භාණ්ඩය පුහුණු වීමට ද යොදාගත හැකිය.






එහෙනම් අදට පාඩම ඉවරයි. තවත් සංගීත භාණ්ඩ කිහිපයක් එක්ක ඊලඟ දවසෙ හමුවෙමු.

සුබ දවසක්


නැටුම් දරුවෝ නැටුම් පාඩම ට සූදානම් වෙමු. ඔන්න සර් එනව.....