Friday 1 May 2020

නර්ථනය


විෂය                  - නර්තනය

පාඩම                - තාල අවබෝධය

පරිවේණාචාර්ය  - විරාජ් ජයවර්ධන

දිනය                 - 2020-05-01

වේළාව              - ප.ව. 5.00


දැන් අපි පාඩම කරමු...

ඔන්න අද අළුත් විදියකට අපි පාඩමක් කරනවා.........බලන්නකෝ අපේ කොලු පැටවුන්ට තේරෙනවද කියලා...........
තාල අවබෝධය......සහ ප්‍රස්තාරකරණයේ මූලික අංග තමයි අදමම කියලා දෙන්න යන්නේ.......



ලඝු අකුරු=නොඇදෙන අකුරු.....ට න ත ක ප බ

ගුරු අකුරු=ඇදෙන අකුරු... ටා ටී වෝ ජූ




ඉතා හොඳින් කිහිප වරක් මෙම පාඩම කියවන්න පුතාලා......... මේ පාඩම දවසකින් කරන්න බෑ......ඒ නිසා අපි ඊළඟ දවසේ තවත් විස්තර මේ ගැන කතා කරනවා......🙏🙏🙏🙏

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

චිත්‍ර කලාව




විෂය                  - චිත්‍ර

පාඩම                - පරිසරය

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-05-01

වේළාව              - ප.ව. 2.00

ආයුබෝවන්  දරුවනේ දැන් අපි චිත්‍ර පාඩම මෙතනින් ආරම්භ කරමු. අද මම ඔයාලට කියල දෙන්නේ අලුත් වැඩක්. අපි ජීවත්වෙන පරිසරය අපිට බොහෝ දේ ලබා දෙනවා නේද? ඇත්තටම චිත්‍රකලාව ඉගෙනගන්න අපි මේ පරිසරය එක්ක එකතුවෙලා ගොඩක් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.  මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනව "කවුද මේ ලෝකෙ හොඳම නිර්මාණ ශිල්පියා" කියල අද පාඩම ඉවර වෙන්න කලින් පිළිතුරු දෙන්න. හරි දැන් බලමු මම ඔයාලට පින්තූර ටිකක් එවන්නම්. 



බලන්න මේ තියෙන්නේ මැරෙන මල් වැලක කොලයක්  ඒකෙ පාට කහ පාට.තැනින් තැන දුඹුරු කලු තිත් තියෙනව. අලංකාර නාරටි රටාවක් මේ පත්‍රය පුරාම විහිදිලා




මේ තවත් පත්‍රයක් ඒකෙ රටාව කලින් පත්‍රයට වඩා වෙනස්.පාට වෙනස් පත්‍රය පුරා විහිදිලා තියෙන අලංකාර නාරටි රටාවක් තියෙනවා.ඒ නාරටි අතර විවිධ වර්ණ තියෙනව.




බලන්න මේ පත්‍රය වර්නය වෙනස් හැඩය වෙනස් නාරටි රටාව වෙනස්.






මෙි හැම පත්‍රයක්ම එකිනෙකට වෙනස් නේද?
අද අපි කරන්නේ මේ පත්‍ර ආශ්‍රිතව අලංකාර නිර්මාණයක්  කරන්න.
මුලින්ම ඔයාලා කැමති පත්‍රයක් තෝර ගන්න මම තෝර ගන්නව කොස් කොලය.




දැන් මේ කොලය පහත පරිදි චිත්‍ර කඩදාසියක් මත අඳින්න




දැන් අපිට පුළුවන් මේ කොස් කොලය තියල අලංකාර මෝස්තරයක් අඳින්න
ඊට පස්සෙ අපි බලමු මේක තව ලස්සන කරන ආකාරය
මම කොස්කොල අතර හිඩැස පුංචි බොල රටාවක් අඳිනව.
මෙික ඔයාලා කැමති ආකාරයකට අඳින්න ඔයාල කැමති ශාක පත්‍රයක් තොර ගන්න






මම මේ නිර්මාණ කරන්න භාවිතා කලේ පාට පෑන් අපි ඒ වගේ දේවල් හාවිතා කරලත් නිර්මාණ කරන්න පුරුදු වෙන්න ඕන. 
දැන් ඔයාල බලන්න  ඔයාල තෝර ගත්ත පත්‍රයේ නාරටි රටාව. එකිනෙකට වෙනස් පත්‍රවල එකිනෙකට වෙනස් නාරටි රටා නේද තියෙන්නේ. අපි දැන් ඒ නාරටි රටාව අඳිමු.
දැන් පාඩමට සම්බන්ධ වෙලා ඉන්න පුතාල මම මුලින් අහපු ප්‍රශ්නයට පිළිතුරත් කියන්න බලන්න









මෙි බලන්න ඒ වගේ කරල තියෙන පත්‍රවල හැඩ ටිකක් ලස්සනයි නේද







බලන්න මෙි නිර්මාණ. අපිට කඩදාසියක් නොමැතිව උවත්  මෙම නිර්මාණ කරන්න පුළුවන් ඉහත රූපයේ පරිදි ඕන මතුපිටක මේ නිර්මානය කල හැකිය. බලන්න පිඟාන මතුපිට කරල තියෙන නිර්මාණය





මේ තියෙන්නෙ මම බත් දීසියක නිම කරපු නිර්මාණයක්. 
මම අහල තිබුන ප්‍රශ්නයට පිළිතුරක් තාම ලැබුනෙ නෑ
තමන්ගේ නිර්මාණය සමඟ පිළිතුරත් එවන්න මම  මගේ පිළිතුර හෙට උදේ 8:00ට  දෙනවා.එතකල් ඔයාලට කාලෙ තියෙනවා .
එහෙනම් අදට පාඩම නිමා කරනව. සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඔයාලගෙ නිර්මාණ මට එවන්න ඒ වගේම එම නිර්මාණ පරෙස්සම් කරල තියාගන්න.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

ගණිතය




විෂය                  -  ගණිතය

 පරිවේණාචාර්ය  - කේ ඒ ගුණරත්න

 පාඩම                -  සාධක හා ගුණාකාර

 දිනය                 -  2020-04-30

 වේලාව             - පෙ.ව.8.00



හැමෝටම 
සුබ උදෑසනක් වේවා !!! 

















අදට පාඩම ඇති. තවත් දවසක හමුවෙමු. 

ආයුබෝවන්...!!!

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

සංගීතය

විෂය                  -  සංගීතය

පාඩම                - සංගීත භාණ්ඩ

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-05-01

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන් දරුවනේ......!!!

''සංගීත භාණ්ඩ''  පාඩම යටතේ පහුගිය දවසේ සංගීත භාණ්ඩ කිහිපයක් පිළිබඳව අපි ඉගෙන ගත්තා.   අද  තවත් සංගීත භාණ්ඩ කීපයක් ගැන බලමු. 

වයලීනය

තන්ත්‍රීය වාද්‍ය භාණ්ඩ ගණයට අයත් වන වයලීනය තත්  හතරකින් යුතු ලෝකය පුරා ප්‍රචලිත වී පවතින ජනප්‍රිය ගණයේ සංගීත භාණ්ඩයකි. ලෝකයේ විවිධ වූ ශෛලීන් සියල්ලටම පාහේ  ආවේණික වූ ගුණයකින් යුතු ව යොදා ගත හැකි සංගීත භාණ්ඩයක් වීම මෙහි විශේෂත්වයයි.
මෙහි ආරම්භය පිළිබඳව විවිධ මත පවතී. එක් මතයක් ලෙස ඉන්දියාවේ බිහිවූවක් ලෙසද, තවත් මතයක් ලෙස වියොලාව නම් භාණ්ඩයක් ඇසුරෙන්  යුරෝපයේ බිහිවූ බව ද,  යනාදී ලෙස මත ගිහි කිහිපයක්  පැවතුනද, ලාංකිකයන් ලෙස අපට උරුම වූ අදහසක්ද  පවතී. ඒ රාවණ  හස්තය නම් සංගීත් භාණ්ඩය රාවණා යුගයේදී බිහිවි ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනය වී වර්තමාන ස්වරූපයෙන් දැකගන්නට හැකි  බවයි.




වයලීනය සුසර කෙරෙන ආකාර කිහිපයක් අධ්‍යයනය කළ හැක.




 වයලිනයේ කොටස් මෙසේ හඳුනා ගනිමු 




වයලීන් පවුලේ සාමාජිකයින් 4 දෙනෙක් හඳුනා ගත හැක. ඒ,  

වයලීනය
වියෝලා
චෙලෝ
ඩබල්බේස් 






බටනළාව

බටනලාව 

සුළං ආධාරයෙන් හඬ උපදින "සුෂිර" භාණ්ඩ ගණයට අයත් වන බට නලාව, බට ලී භාවිතයෙන් නිෂ්පාදනය වී ඇත. ගොපල්ලන් අතර ප්‍රචලිතව පැවතුණි පැවැත්වුණු මෙම සංගීත භාණ්ඩය අද වන වනවිට දියුණු සංගීත ක්‍රමයන් හා සහ සම්බන්ධ වී විකාශනය වී ඇත. සුළං පිඹීමට එක් සිදුරකුත්, ඇඟිලි භාවිතයෙන් තොර නිපදවා ගැනීමට තවත් සිදුරු හයකින් යුත් සමන්විත වී ඇත. තිරස් ආකාරයට හා සිරස ආකාරයට වාදනය කරනු ලබන බට නලා වර්ග දෙකක් ඉන්දියානුවන් අතර ප්‍රචලිත වී ඇත. බන්සුරි හා මුරලි එම වර්ග දෙකයි.

පණ්ඩිත් පන්නලාල් ගෝස්. පණ්ඩිත් හරිප්‍රසාද් චෞර්සියා අති දක්ෂ ඉන්දියානු බටනලාව වාදකයින් ලෙසත්, අනිල් මිහිරිපැන්න, වී හේමපාල යන අය ලාංකේය දක්ෂ බටනලා වාදකයන් වේ.
විවිධ ස්වරයන් ශ්‍රැතකොටගත් බට නලා වර්ග රාශියක් භාවිතයේ ඇත. පාසලේ  දී බොහෝවිට භාවිතා කරන්නේ ජී වර්ගයේ බටනලාවයි.



















හොඳයි දරුවනේ එහෙනම් අදට පාඩම ඉවරයි.  


සුභ දවසක්...!!!


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.