Friday 24 April 2020

සංගීතය


විෂය                  - සංගීතය

පාඩම                - තාලානුකූල ස්වර අභ්‍යාස

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-04-24

වේළාව              - ප.ව. 4.30






ආයුබෝවන් දරුවනේ

පසුගිය පාඩමෙන් ස්වර ස්තාපන ගීත ගැන කතා කළා. ගායනා කළා. ස්වර ගායන කුසලතා වැඩි දියුණු කර ගැනීමට,  ස්වර ස්ථාපන ගීත ගායන්නා සේම ඒ හා සමාන තවත් ක්‍රමයක් ලෙස ස්වර අභ්‍යාස ගායනය ද  පෙන්වා දිය හැක.  ඉතිං අද අපි ස්වර අභ්‍යාස පිළිබඳව අධ්‍යනය කරමු.

තාලානුකූල ස්වර අභ්‍යාස

ගායකයෙකු වශයෙන්, කටහඬ පාලනය කර ගැනීමටත්, නිවැරදි ස්වර ස්ථාන ස්පර්ශ කිරීමටත්, රසවත් සංගීත  ශිල්පාංග සහිතව  ගායනය කිරීමටත් ස්වර අභ්‍යාස අත්‍යවශ්‍ය වේ.මෙය ම වාදනයේදී හස්ත සාධන අභ්‍යාස වශයෙන් හඳුන්වන නමුදු සිදු වනුයේ එකම කාර්යය වේ


අපි උදාහරණයක් බලමු
උදාහරණ 1

ස රි ග, රි ග ම, ග ම ප, ම ප ධ, ප ධ නි, ධ නි ස

එම අභ්‍යාසයේ ස්වර ඉහළ පහළ යෑම දෘශ්‍ය තත්වයෙන්,

දැන් එම අභ්‍යාසයම ශ්‍රව්‍ය හා දෘශ්‍යමය තත්ත්වයෙන්  බලමු.






එහෙනම් අපි තවත් අභ්‍යාසයක් බලමු

ස ග, රි ම, ග ප, ම ධ, ප නි, ධ ස

මෙම අභ්‍යාසයේ ස්වර ඉහළ පහළ යෑම දෘශ්‍ය තත්වයෙන්,


එම අභ්‍යාසයම ස්වර ඉහළ පහළ යෑම ශ්‍රව්‍ය හා දෘෂ්‍ය තත්වයෙන්,










පැවරුම් :-

01. මෙම අභ්‍යාස දෙක ගායනා කර පෙන්වන්න.

02. පහත දැක්වෙන අභ්‍යාස වල ඉතිරි පියවර ගොඩ නගන්න.(ආරෝහණ අවරෝහණ දෙකම)

      I. සරිසරිග, රිගරිගම, ......., ........., ........, ..........

     II. සගරිග, රිමගම,ගපමප, .........

03. පහත ස්වර අභ්‍යාසය ගායනා කර පෙන්වන්න


04. පහත අභ්‍යාසය ද සුදුසු දෘශ්‍ය සටහනක් ඇඳ, ගායනා කර පෙන්වන්න



පාඩමට අදාළ සියලු සටහන් ලියාගන්න. පැවරුම් ටික කරල මට පෙන්වන්න.(අනිවාර්යයි)
එහෙනම් අදට පාඩම ඉවරයි.



චිත්‍ර කලාව


විෂය                  - චිත්‍ර

පාඩම                - වර්ණ චක්‍රය

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-04-24

වේළාව              - ප.ව. 2.00


නර්තනය


විෂය                  - නර්තනය

පාඩම                - දේශීය නර්තන සම්ප්‍රදායයෝ

පරිවේණාචාර්ය  - විරාජ් ජයවර්ධන

දිනය                 - 2020-04-24

වේළාව              - පෙ.ව. 11.30


හොඳයි පුතාලා හැමෝටම තෙරුවන් සරණයි......අද අපේ පාඩම.....
"දේශීය නර්තන සම්ප්‍රදායයෝ"හඳුනාගනිමු කියන පාඩම
හොඳයි..........

අපට නර්තන සම්ප්‍රදායන් 03ක් තිබෙනවා........
ඒ තමයි
#උඩරට නර්තන සම්ප්‍රදාය
#පහතරට නර්තන සම්ප්‍රදාය
#සබරගමු නර්තන සම්ප්‍රදාය.......

මේ සම්ප්‍රදායන් ප්‍රචලිත වෙලා ඒකියන්නෙ පැතිරි්ලා තියෙන ප්‍රදේශත් ලංකාවෙ වෙනස්.......
ඒ ගැනත් අපි ඉගෙන ගනිමු.....














මේ රූප සටහන් බලන්න ඉතා හොඳින්.......
ඒ සඳහා දෙමාපියන්ගේ සහය ලබාගන්න පුතාලා.....
ඒ ඒ සම්ප්‍රදායට අයත් ප්‍රධාන වාද්‍ය භාණ්ඩවල ඡායා රූප





මේ තියෙන්නේ උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය.......
ගැට බෙරය.....








මේ තියෙන්නේ පහතරට ප්‍රධාන වාද්‍ය භාණ්ඩය......පහතරට බෙරය නැත්නම් දෙවොල් බෙරය






මේ තියෙන්නේ පුතේ සබරගමු සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය දවුල.....මේකෙ විශේෂත්වය තමයි.....අතින් සහ අතින් ගත් කඩිප්පුවකින් වාදනය කිරීම.......

දැන් යොමු කරනවා ඒ ඒ සම්ප්‍රදායන් වල ප්‍රධාන ඇඳුම් කට්ටල වල තවත් ඡායා රෑප කිහිපයක්






මේ තියෙන්නේ උඩරට නර්තන අවස්ථාවක්......




මේක පහතරට නර්තන අවස්ථාවක්.......



මේ සබරගමු නර්තන අවස්ථාවක්........






හොඳයි පුතා........අදට මේ පාඩම අවසන්........සම්ප්‍රදායන් පිළිබඳ මූලික අවබෝධයක් ඔබට දැන් ඇතයි කියා මම  විශ්වාස කරනවා........

එහෙනම්,

 තෙරුවන් සරණයි ඔබට.......ආයුබෝවන් හැමෝටම.......🙏🙏🙏


ගණිතය



විෂය                  - ගණිතය

පාඩම                - තේරීම

පරිවේණාචාර්ය  - රාජික මනෝජ්

දිනය                 - 2020-04-24

වේළාව              - පෙ.ව. 8.30