විෂය - චිත්‍ර
පාඩම - පෝස්ටර් නිර්මාණය
පරිවේණාචාර්ය - නුවන් ප්‍රසාද්
දිනය - 2020-05-10
වේළාව - ප.ව. 2.00
සියළුම දෙනාට
ආයුබෝවන්!!!
අපි අද චිත්‍ර පාඩම මෙතනින් ආරම්භ කරමු
ඔයාලා හැම දෙනාටම මේ දවස් ටිකේ අලුත්ම අත්දැකීම් ලැබුන. අධ්‍යාපනය,සාරධර්ම,විනෝදාත්මක අවස්ථා, අපි මුලින්ම මේ හැමදේම අපිට ඔයාලට ලබා දුන් ගෞරවණීය නායක හාමුදුරුවන් වහන්සේට,ගරු පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේට,ගෞරවණීය මහා සංඝරත්නයට, ගුරුවරුන්ට, විශේෂයෙන්ම තිලකරත්න සර්ට ස්තුතිය පුද කරමු.
දැන් ඔයාලා බලනව ඇති අද පාඩම මොකක්ද කියල. අද පාඩමේ ආරම්භය තමයි මම මුලින්ම ප්‍රකාශ කලේ.
අද අපි ලස්සන පෝස්ටරයක් නිර්මාණය කරමු. ඒකෙ පසුබිම තමයි "ධීරානන්ද අපේ පාසලේ ඩිජිටල් වෙසක් කලාපය"
ඔයාලා දැක්ක අලංකාර වෙසක් කලාපයක් අපි හැමෝම නිර්මාණය කලා.අපේ බාලදක්ෂ බලකාය ලස්සන තොරණ් නිර්මාණය කලා,මහා සංඝරත්නය ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කලා. වෙසක් සුබපැතුම්පත් නිර්මාණය කලා. අලංකාර වෙසක්කූඩු වෙසක් සැරසිලි කලා. ඉතින් මේ සියලුම කටයුතු කරන්න අපිට අවස්ථාව ලබා දුන් ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ සැමට ස්තුතිය ප්‍රකාශ කරන්නට මේ පොස්ටරය නිර්මාණය කරමු.
අපි බලමු මොනවද පෝස්ටරයක අඩංගු විය යුතු කරුණු කියල.
1 පණිවිඩයක් තිබිය යුතුය
2 එම පණිවිඩය කෙටියෙන් ප්‍රකාශ විය යුතුය (මෙහිදී දිගු වැකි අඩංගු නොකල යුතුය.)
3 ඇස් ඇදගන්නාසුළු නිර්මාණයක් විය යුතුය.( පෝස්ටර් බලන්නේ හදීසියකට ගමනක් යන පුද්ගලයින් නිසා පණිවිඩය කෙටියෙන් ඔවුන්ට දැනිය යුතුය.)
4 තේමාවට ගැලපෙන සිතුවම් ,වර්ණ අඩංගු විය යුතුය
5 අවශ්‍ය පණිවිඩය කෙටි වචන කිහිපයකින් ලබා දිය යුතුය.
දැන් අපි බලමු නිදසුන් කිහිපයක්
අපි විවිධ අවශ්‍යතාවයන් සඳහා පෝස්ටර් නිර්මාණය කරනු ලබනවා වෙළෙඳ ප්‍රචාරණ කටයුතු ,අධ්‍යාපනික කටයුතු ,දේශපාලන කටයුතු,සෞඛ්‍ය තොරතුරු දැනුවත් නිරීමට
මේ ආදී විවිධාකාර කටයුතු වෙනුවෙන් අපි පෝස්ටර් නිර්මාණය කරනු ලබනවා.
මේ බලන්න සරළ රූප සටහන් මගින් පණිවිඩය කෙටියෙන් ප්‍රකාශ කරන ආකාරය
පුංචි අපිට ලස්සන වෙසක් කලාපයක් ලබා දුන් ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ සියලුම දෙනාට ස්තුතිය පල කිරීම තමයි අපේ පණිවිඩය. මේ පණිවිඩය නිර්මාණාත්මක ආකාරයට ඔයාල ලියල එවන්න බලන්න
අනෙක් වැදගත් කාරණය තමයි අපි භාවිතා කරන අකුරු. අකුරු අලංකාර ලෙස අඳන්න ඔින අකුරේ මූලික හැඩයට හානියක් නොවන අයුරින්.
බලන්න මේ අකුරු දෙස විවිධාකාර හැඩතල වලින් නිර්මාණය කරල තියෙනව.හැබැයි මේ අකුරුවල මූලික හැඩයට හානියක් වෙලා නෑ නේද?
කෝ බලමු වැඩේ ආරම්භ කල දරුවො එවන්න බලන්න
අද දවස ඇතුලත අභ්‍යාසය අවසන් කරන දරුවන්ට වැඩි ලකුණු ලබා දෙනවා.
අදට අපිට තිබෙන කාලය අවසානයි අපි අදට පාඩම මෙතනින් අවසන් කරමු අභ්‍යාසය අවසන් කරල මට එවන්න. සියලුම දෙනාට
තෙරුවන් සරණයි!
මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත Comment තීරුව භාවිතා කරන්න.
No comments:
Post a Comment