Friday 15 May 2020

සංගීතය


විෂය                  -  සංගීතය

පාඩම                -  රබන් පද

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-05-15

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන්
සංගීත පාඩම ට කට්ටිය ලෑස්තිද

ආ හරි
ඔයාලා දැකලා තියෙනවද රබන්
ඒ දැකලා තියන රබාන කොයි වගේ එකක්ද

හරි මම රබාන ගැන මෙහෙම කියන්නම්කො

රබන් වර්ග දෙකක් තියනවා
01. අත් රබාන
02.බංකු රබාන

ඔයාල දැකල ඇති විරිඳු කියන්න පාවිච්චි කරන  රබානක්. අන්න ඒකට කියන්නේ අත් රබාන කියලා
තව එකක් දැකල ඇති අවුරුදු කාලෙට බිම තියාගෙන වාදනය කරන  රබානක්. අන්න ඒක බංකු රබාන
මං ඒ දෙකේම පින්තූර දෙකක් දාන්නම්

අත් රබාන


බංකු රබාන


මේ දෙකෙන් අද අපි කතා කරන්නේ බංකු රබාන ගැන
ලී කණු තුනක් ආධාරයෙන් බංකුවක් වැනි යමක් මත තබා වාදනය කරනු ලබන රබාන බංකු රබාන  කියලා කියනවා
රබන් පද වාදනය කරනු ලබන්නේ බංකු රබානෙන්
මතක තියා ගන්න ඕන දෙයක් තියෙනවා රබන් පද සඳහා භාවිතා කරන්නේ බංකු රබාන. රබන් කවි සඳහා භාවිත කරන්නේ අත් රබාන. ඔය දෙක පටලවගන්න එපා.

සාමාන්‍යයෙන් අඟල් තිස් හයක් විතර විස්කම්භයක් බංකු රබාන සඳහා යොදා ගන්නවා. කොහොඹ, කොස්, ගංසූරිය වගේ ලී වර්ගයකින් තමයි බංකු රබානක් හදාගන්න භාවිතා කරන්නේ. මුහුණතට එළු හමක් හෝ හරක් හමක් යොදා ගන්නවා. අර අපි කලින් කතාකරපු බංකුව උඩ රබාන  තියලා යටින් අඟුරු දාල යම් උණුසුමක් රඳවා ගනිමින් තමයි බංකු රබාන වාදනය කරන්නේ.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමයේ දී බහුලව යොදා ගන්නවා. ඊට අමතරව පැරණි සාම්ප්‍රදායික විවාහ මංගලෝත්සව, සාම්ප්‍රදායික ප්‍රීති ජනක උත්සව සඳහා භාවිතා භාවිත කරනව.
බොහෝ සෙයින් බංකු රබාන වාදනය කිරීම සඳහා කාන්තාවන් සහභාගී වන නමුත්, ගැහැනු පිරිමි භේදයකින් තොරව බංකු රබාන වාදනය කරයි. කිහිප දෙනෙක් සාමූහිකව රබන් පද වාදනය කරන අතරතුර තවත් කෙනෙක් එම තාලයට නර්තනයක් ඉදිරිපත් කරන අවස්ථා ද රබන් වාදනයේ දී දැකිය හැකියි.
දැන් කියන්න බලන්න ඔයාලා දන්න රබන් පද ටිකක්

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්න වර පෙත්තප්පු

මේක ඔයාල හැමෝම අහල තියෙන රබන් පදයක්
කවුරු හරි කෙනෙක් මේක වාදනය කරල කරලා පෙන්නන්න බලන්න.
පුලුවන්ද

හරි මං වාදනය කරලා පෙන්නන්නම්කො



දැන් ඔයාලට පුළුවන් ඔය අහල පහල තියෙන මොකක්හරි තට්ටුවක් දාන්න පුළුවන් දෙයක් ප්‍රයෝජනයට අරගෙන මේ පද වාදනය කරන්න පුරුදු වෙන්න. හැබැයි කඩලා බිඳලා දාලා අම්මගෙන් ගුටි කන්නේ නැති වෙන්න.
ඊළඟ රබන් පදය



මේකත් පුරුදු වෙලා මට එවන්න බලන්න අඩුපාඩු හදා ගන්න
ඊළඟ එක......



හරි....අද දවසේ පැවරුම
අපි දැන් මේ පුරුදු වුණු විදිහට ඊළඟට මම දාන වීඩියෝ එකේ තියෙන රබන් පද ටික පුරුදු වෙලා මට එවන්න ඕන.



එහෙනම් අදට ඇති නේද.

හැමෝටම
සුබ දවසක් 

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

No comments:

Post a Comment