විෂය - සංගීතය
පාඩම - නූර්ති
පරිවේණාචාර්ය - ජනක ප්‍රසන්න මායාදුන්නේ
දිනය - 2020-05-17
වේළාව - ප.ව. 4.00
ආයුබෝවන්🙏🏻🙏🏻🙏🏻
ලෑස්තිද සංගීත පාඩමට
අද ඔයාලට තියෙන පාඩම
නූර්ති
පුතේ "නාට්‍ය" කිවුවම ඔයාලට මතක් වෙන්නෙ මොනවද?
ටෙලිනාට්‍ය. එහෙම නේද.
ඒත් අපේ සීයලාගෙන් ඔය ප්‍රශ්නය ඇහුවනං එයාල දෙන උත්තරේ තමයි "ටීටර්"..
ටීටර් කියන වචනෙ බිඳිල ඇවිත් තියෙන්නෙ theatre කියන වචනෙන්. තියට්‍රි > තීටර් > ටීටර්. ටීටර් කියල අපේ සීයල ඒ කාලේ හඳුන්වල තියෙන්නෙ නූර්ති කියන නාට්‍ය වර්ගය.
මේ නූර්ති නාට්‍ය වලට කලින් ලංකාවෙ තිබිල තියෙනව සොකරි,කෝලම්,නාඩගම් වගේ ගැමි නාට්‍ය කලාවන් කිහිපයකුත්. හැබැයි ඒ හැමදේකටම වඩා වෙනස් මුහුණුවරක් ගන්න පුළුවන් වුණා මේ නූර්ති වලට. විචිත්‍ර ඇඳුම් පැළඳුම්, අපූරු දර්ශන, ලංකාවට අලුත් මුහුණුවරක් ගත්ත හින්දුස්ථානි සංගීතය සහ එය මිශ්‍ර උණු අලංකාර ගීත ඊට හේතුවෙලා තියෙනවා.
සොකරි නාට්‍ය
කෝලම් නාට්‍ය
නාඩගම්
නූර්ති
ආශ්වාදය උදෙසා මෙරටට ගෙන්වූ සර්කස් කණ්ඩායම් සංගීත කණ්ඩායම් අතුරින් කේ එම් බලිවාලා නම් සංගීතඥයා ඇතුළු නෘත්‍ය කණ්ඩායම, ඉන්දියාවේ මුම්බායි නුවරින් ශ්‍රී ලංකාවට ගොඩබැහැල, කොළඹ කොටුවේ පුෂ්ප ශාලාවේ ඉස්සෙල්ලාම නෘත්‍ය නාට්‍ය ඉදිරිපත් කරලා තියෙනවා. කෙටි කලකින් ඒවා ඉතා ජනප්‍රිය තත්ත්වයකට පත්වුණා. ඒවා කොච්චර ලස්සන ද කියනවා නං එකම නාට්‍ය පස් හය වතාවක් විතර සමහර අය බලලා තියෙනවා. ඊට පස්සේ කණ්ඩායම ආපහු ඉන්දියාවට ගියාට පස්සේ ලංකාවේ මේ නාට්‍ය බලපු අය මේ අනුසාරයෙන් අලුත් නාට්‍ය කලාවක් නිර්මාණය කළා. ඒ කලාව නූර්ති නාට්‍ය කලාවයි. මේ වැඩේට මූලිකත්වය ගත්තෝ ගත්තේ සී දොන් බස්තියන් මහතා මුල් ම නූර්තිය වශයෙන් ගැනෙන "රොලීනා හෙවත් දිව්‍ය කුසුම " නිෂ්පාදනය කරල රඟ දක්වලා තියෙනවා. එතැන් සිට නීතිඥ ජෝන් ද සිල්වා, නීතිඥ චාල්ස් ඩයස් වැන්නවුන් නූර්ති නිෂ්පාදනය කිරීමට පටන් ගත්තා. නමුත් උතුරු ඉන්දියානු සංගීතය ලංකාවට අළුත් නිසා විශ්වනාත් ලව්ජි, ජටා ශංකර්, අමීර් අලී, අබ්දුල් අසීස්, සදාලාල්, මගන් ලාල් වැනි උතුරු ඉන්දියානු සංගීතඥයින් ලංකාවට ගෙන නූර්ති සඳහා සංගීතය නිෂ්පාදනය කර ගැනීමට සිද්ධ වුණා. මේ නිසා හින්දුස්ථානි සංගීතය, තබ්ලාව ඩෝලය රවිකිඤ්ඤය සර්පිනාව වැනි බොහෝ සංගීත භාණ්ඩ, එම සංගීත භාණ්ඩ වාදනය කරන ශිල්පීන් ලංකාවට පැමිණියා.
අපි දැං නූර්ති ගීත කිහිපයක් බලමු......
01. අද වෙස්සන්තර
නූර්තිය - වෙස්සන්තර
නිෂ්පාදක - නීතිඥ ජෝන් ද සිල්වා
අද වෙස්සන්තර රාජ පුතා
මන්ත්‍රී කුමාරි බදී
දෙවෝපකාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්
බෝම ප්‍රීති ඝෝෂා ප්‍රීතිඝෝෂා
ඇසෙන්නා මේ සිව්දෙසා...//
සෙත අත්පත් වේවා
මන්ත්‍රී කුමරි හට දැන්
රාජ සම්පත් නොමින්
දේය රාජා උතුම්
කුමරාගෙ පිනක් මැයි
වාසනාවෝ..//
02. සුවඳ පද්ම
නූර්තිය - දුටුගැමුණු
නිෂ්පාදක - නීතිඥ ජෝන් ද සිල්වා
සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පුෂ්පයෙන් සැදී
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී
වතුර නාන තෙක් දනෝ
පැමිණ නාති ග්‍රීෂ්ම යන්ට
මම ද නාග ලෝකයෙන් ම
මෙපුර ආමි නාන සේ
පෙනෙති ධූප මේ පුරේ
වඳිති ඊට දීප වාසි
රකිති ධර්ම ශාක්‍යවංශ
මුනිඳු දේශනා ලෙස
03. මෙම ගිම්හාන
නූර්තිය - විදුර
නිෂ්පාදක - නීතිඥ චාල්ස් ඩයස්
මෙම ගිම්හාන ග්‍රීස්ම වූ කාලේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ
යස රම්‍යා වූ සැන්දෑවකී මේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා දේ
සූර්යයා යයි බැසී චන්ද්‍රයා එයි නැගී
බිඟු රාශි මධු ලෝලෙන් හැසිරෙන්නා
කෝකිල දී පක්ෂි ගීත රැව් දී නැගේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා දේ
එහෙනම් මේ පාඩමේ වැදගත් කරුණු ඔක්කොම හැමෝම ලියාගන්න.
ගීත තුනත් ලියාගන්න.
ඊලඟ දවසේ අපි ගායනා කරමු
අදට පාඩම ඉවරයි
හැමෝටම,
සුබ දවසක්!!!
මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත Comment තීරුව භාවිතා කරන්න.
No comments:
Post a Comment