විෂය - චිත්‍ර
පාඩම - ආගමික සිද්ධස්ථාන
පරිවේණාචාර්ය - නුවන් ප්‍රසාද්
දිනය - 2020-04-26
වේළාව - ප.ව. 2.00
ආයුබෝවන් හැමෝටම
අපි ඉගෙනගත්ත බෞද්ධ චෛත්‍යය ආශ්‍රිතව කරුණු. ඊලගට අපි ඉගෙන ගත්ත හින්දු කෝවිල ආශ්‍රිතව කරුණු. අද අපිට තියෙන්නෙ ස්ලාම් පල්ලිය ආශ්‍රිතව කරුණු සරළව අධ්‍යනය කරන්න.
මම ඔයාලට දෙන මේ තොරතුරු සටහන් පොතේ ලියාගන්න ඕන. ඒ වගේම රූපසටහන් අඳින්නත් ඕන.
මේ තියෙන්නෙ ඉස්ලාම් පල්ලියක් හෙවත් මස්ජිදයක ස්වරූපය දැක්වෙන රූපසටහනක්. මෙම ප්‍රධාන කොටස් හැම පල්ලියකම දක්නට ලැබෙනව.
අපි බලමු මේ කොටස් හා සම්බන්ධ තොරතුරු...
1 අඩසඳ හා තරුව - මෙය තමයි මුස්ලිම්වරුන්ට අයත් ආගමික සංකේතය අරබියේ සිට මෙරටට වෙළඳ කටයුතු සඳහා පැමිණි ඉස්ලාම්වරුනගෙන් මෙරට ඉස්ලාම් දහම ව්‍යාප්ත වෙලා තියෙනව ඉතින් එදා සිට ආගමික සළකුණ අපේ රටේද භාවිතා වෙනව.
2 ඉස්ලාම් පල්ලියක මීලඟ කොටස ලෙස මම ඔයාලට ඉදිරිපත්කරන්නෙ උල් වූ තුඩක් සහිත විශාල ශිකරය. මෙය අප කුෆා නමින් හඳුන්වනව. ඔයාල දැකල ඇති පල්ලිවල තියෙන මේ කොටස
මෙයට ඩෝම්1 කියලත් අපි කියනව මෙහි මුදුනේ අඩසඳ හා තරුව සලකුණ නිර්මාණය කර තිබෙනව.
3 මිනාර් - මේ නමින් හඳුන්වන්නේ පල්ලිය දෙපස තිබෙන උස් වු අලංකාර කුළුණු. මේවා මිනාර් ,මිනරේට් යන නම් වලින් හඳුන්වනවා මේවායේ මුදුනත් අඩසඳ හා තරුව සලකුණ නිර්මාණය කර තිබෙනවා.
මෙහි අංක 3 ලෙස දක්වා ඇත්තේ මිනාර් හෙවත් මිනරේට් නමින් හඳුන්වන අලංකාර කුළුණු වේ.
4 පල්ලියට ඇතුළු වන දොරටුව ඉදිරිපස නිර්මානය කර තිබෙන පොකුණද විශේෂ නිර්මානයකි ආගමික කටයුතු කිරීමට ප්‍රථමව පබැතිමතුන් පිරිසිදු වීම සිදුකරයි මේ සඳහා මෙම පොකුණ භාවිතා වේ
අපි ඉගෙනගත් බෞද්ධ විහාරස්ථාන ,හින්දු කොවිල්,මෙන්ම ඉදිරියට ඉගෙනගන්න ක්‍රිස්තියානි පල්ලි වල අපිට සිතුවම් ,මූර්ති දක්නට ලැබෙනව .නමුත් ස්ලාම් පල්ලි තුල අපට සිතුවම් හෝ මූර්ති දැකගත නොහැකියි ඒ වෙනුවට අපිට දක්නට ලැබෙන්නේ අරාබි රූපාක්ෂර හෙවත් කැලිග්‍රැෆි නමින් හඳුන්වන අලංකාර අක්ෂර නිර්මාන වේ.
කැලිග්‍රැෆි - මෙහි නිර්මාණය කර ඇත්තේ ශුද්ධ වූ කුරාණයේ දැක්වෙන ආගමික වාක්‍යයන්ය. මෙි අක්ෂර වලින් පල්ලි අභ්‍යන්තරය මනාලෙස සැරසිලිකර තිබෙනව.
මේ රූපාක්ෂර විවිධ සංස්කෘතීන්ට අයත් ජනතාව අතර විවිධ ආකාරයට භාවිතා වෙනව උදාහරණ ලෙස චීන ජනයා අතර භාවිතාවන චීන රූපාක්ෂර කලාවක් ඇත නමුත් මෙහිදී දැක්වෙන්නේ අලංකාරය වෙනුවෙන් නිර්මාණය කල ආගමික වදන් සහිත කලාවකි
මෙම රූපාක්ෂර හෙවත් කැලිග්‍රැෆි මගින් අලංකාරය රටා පල්ලියේ බිත්තිමත නිර්මාණයකර පල්ලි අලංකාර කර තිබෙනවා
දැන් අපි පාඩමට අදාල තොරතුරු සියල්ලම ගොනුකර අවසන් ඔයාලා මේ තොරතුරු සියල්ලම ලස්සනට අභ්‍යාස පොතේ ලියාගෙන රූපසටහන් ඇඳල ලස්සන සටහනක් සකස්කරගන්න
අන්තර්ජාලය තුල තව තොරතුරු සොයන්න රූපාක්ෂර නිර්මාණ කිහිපයක් අඳින්න උත්සහ කරන්න තවත් අළුත් තොරතුරු අපි කතා කරමු මීලඟ පාඩම ක්‍රිස්තියානි පල්ලි පිළිබඳව අධ්‍යනය කිරීමට සූදානම් වෙමු
ඒ අතරතුර අපි චිත්‍ර අඳින වැඩෙත් කරන්න ඕන අනෙක් ගුරුවරුන්ගේ අභ්‍යාස කරන අතරතුර නිදහස් වෙලාවට චිත්‍ර අඳිමු මම මාතෘකා කිහිපයක් ලබා දෙන්නම්
1 නිදහසේ සෙල්ලම් කරන යාළුවෝ
2 දොලේ සිටින සුරතල් මාළුවෝ
3 අපේ ගමේ වෙසක් දන්සල
මේ මාතෘකා 3ත් හෙමින් අපි ලස්සනට අඳිමු පුළුවන් දරුවො අඟල් 18 X14 ප්‍රමාණයේ කොලයක අඳින්න කොල සපයාගන්න අපහසු දරුවන් තමන්ට හැකි ආකාරයෙන් අඳින්න
එහෙනම් අදට අපි පාඩම අවසන් කරමු සියලුම දෙනාටම
තෙරුවන් සරණයි!!!
No comments:
Post a Comment