Friday 24 April 2020

චිත්‍ර කලාව


විෂය                  - චිත්‍ර

පාඩම                - වර්ණ චක්‍රය

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-04-24

වේළාව              - ප.ව. 2.00




ආයුබෝවන් හැමෝටම 

අද අපි චිත්‍ර පාඩමෙන් කරන්නෙ කලින් කරපු පාඩමක ඉතිරි කොටසක් 

වර්ණ චක්‍රය 

අපේ දරුවන්ට මේ පිළිබඳව පොඩි අදහසක් තියෙනබව මම දන්නව  ඇත්තටම මොකක්ද මේ වර්ණ චක්‍රය කියන්නෙ කියල බලමු 

සිතුවමක් අඳින්න මූලික කරුණු 3ක් බලපානව 

1 වර්ණ 
2 රේඛා 
3 හැඩතල
   මේ කරුණු3න් වර්ණ යටතේ තමයි වර්ණ චක්‍රය ගැන ඉගෙන ගන්න තියෙන්නෙ


අපි පොඩි අභ්‍යාසයක් කරමු  මම ඔයාලට දුන්න රූප සටහන් අනුව වර්ණ එකතුකරල බලන්න. ඔයාලට දීල තියෙන රූපසටහන් හොඳින් බලන්න.  මූලික වර්ණ වලින් ද්විතීයික වර්ණ හැදෙන හැටි. දම් කොල තැඹිලි වර්ණ අපි ද්වීතීයික වර්ණ ලෙස හඳුන්වනව.

මෙම අභ්‍යාසය අවසන් කරල අපි අලුත් විත්‍රයක් අඳිමු
"සමනලයයි සුවඳ මලයි"  තමයි මාතෘකාව  ඔයාලට පහසු ආකාරයකට



අපි බලමු මූලික වර්ණ පිළිබඳව
මූලික වර්ණ 3කි

1  නිල්
2  කහ
3  රතු

ඇයි අපි මෙිවට මූලික වර්ණ කියන්නේ 
මෙම වර්ණ වෙනත් වර්ණ භාවිතාකර නිපදවන්න බැරි නිසා.  නමුත් අනික් සෑම වර්ණයක්ම මෙ⁣ම මූලික වර්ණ භාවිතාකරල අපිට හදාගන්න පුළුවන්. අපි දැන් වර්ණ චක්‍රයත් අඳින්න බලමු.  ඒ අභ්‍යාසය කරල මම දුන්න චිත්‍රය අඳින්න ඕන අඳිනගමන් මට පින්තූර එවන්න.




මෙි තියෙන්නෙ මූලික වර්ණ හා ද්විතීයික වර්ණ වෙනවෙනම දක්වල. ඔයාලට මතක ඇති අපි එක වර්ණයක් අරගෙන සුදුපාට කවලම් කරමින් වර්ණ වෙනස්වෙන අන්දම අධ්‍යනය කළා. අන්න ඒ වගේ මේ අභ්‍යාසයත් වෙනම කොලේක කළා නම් වටිනව
ඔයාලට ගැටළු තියෙනවනම් මගේ පුද්ගලික අංකයට එවන්න. සවස 3:00වන විට ඔයාල ඉවරකරපු කොටස මට එවන්න. අඩුපාඩු අපි කතා කරමු



ඔයාලට  නිදහස් වෙලාවක කරන්න පුළුවන් වැඩක් කියල දෙන්නම් මේක අපේ පාඩමටත් අදාලයි. විනිවිද පෙනෙන ⁣සෙලෝපේන් කොල වලින්අපි කතා කරන නිල් කහ රතු පාට කොලඅරගෙන එව එකමත එක තියල බලන්න මේ වර්ණ හැදෙන හැටි බලාගන්න පුළුවන්





මේ 6B පන්තියෙ සිතුම් අභ්‍යාසය කරල එවල තියෙනව. අනෙක් හැමෝම මෙහෙම වැඩේ  කරල එවන්න ඕන.
එහෙනම් අදට අපි පාඩම ඉවරකරනව. අද දවස තුල අභ්‍යාස ඉවර කරල මට එවන්න. 


හැමෝටම තෙරුවන්  සරණයි!!!

No comments:

Post a Comment