Friday 24 April 2020

සංගීතය


විෂය                  - සංගීතය

පාඩම                - තාලානුකූල ස්වර අභ්‍යාස

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-04-24

වේළාව              - ප.ව. 4.30






ආයුබෝවන් දරුවනේ

පසුගිය පාඩමෙන් ස්වර ස්තාපන ගීත ගැන කතා කළා. ගායනා කළා. ස්වර ගායන කුසලතා වැඩි දියුණු කර ගැනීමට,  ස්වර ස්ථාපන ගීත ගායන්නා සේම ඒ හා සමාන තවත් ක්‍රමයක් ලෙස ස්වර අභ්‍යාස ගායනය ද  පෙන්වා දිය හැක.  ඉතිං අද අපි ස්වර අභ්‍යාස පිළිබඳව අධ්‍යනය කරමු.

තාලානුකූල ස්වර අභ්‍යාස

ගායකයෙකු වශයෙන්, කටහඬ පාලනය කර ගැනීමටත්, නිවැරදි ස්වර ස්ථාන ස්පර්ශ කිරීමටත්, රසවත් සංගීත  ශිල්පාංග සහිතව  ගායනය කිරීමටත් ස්වර අභ්‍යාස අත්‍යවශ්‍ය වේ.මෙය ම වාදනයේදී හස්ත සාධන අභ්‍යාස වශයෙන් හඳුන්වන නමුදු සිදු වනුයේ එකම කාර්යය වේ


අපි උදාහරණයක් බලමු
උදාහරණ 1

ස රි ග, රි ග ම, ග ම ප, ම ප ධ, ප ධ නි, ධ නි ස

එම අභ්‍යාසයේ ස්වර ඉහළ පහළ යෑම දෘශ්‍ය තත්වයෙන්,

දැන් එම අභ්‍යාසයම ශ්‍රව්‍ය හා දෘශ්‍යමය තත්ත්වයෙන්  බලමු.






එහෙනම් අපි තවත් අභ්‍යාසයක් බලමු

ස ග, රි ම, ග ප, ම ධ, ප නි, ධ ස

මෙම අභ්‍යාසයේ ස්වර ඉහළ පහළ යෑම දෘශ්‍ය තත්වයෙන්,


එම අභ්‍යාසයම ස්වර ඉහළ පහළ යෑම ශ්‍රව්‍ය හා දෘෂ්‍ය තත්වයෙන්,










පැවරුම් :-

01. මෙම අභ්‍යාස දෙක ගායනා කර පෙන්වන්න.

02. පහත දැක්වෙන අභ්‍යාස වල ඉතිරි පියවර ගොඩ නගන්න.(ආරෝහණ අවරෝහණ දෙකම)

      I. සරිසරිග, රිගරිගම, ......., ........., ........, ..........

     II. සගරිග, රිමගම,ගපමප, .........

03. පහත ස්වර අභ්‍යාසය ගායනා කර පෙන්වන්න


04. පහත අභ්‍යාසය ද සුදුසු දෘශ්‍ය සටහනක් ඇඳ, ගායනා කර පෙන්වන්න



පාඩමට අදාළ සියලු සටහන් ලියාගන්න. පැවරුම් ටික කරල මට පෙන්වන්න.(අනිවාර්යයි)
එහෙනම් අදට පාඩම ඉවරයි.



No comments:

Post a Comment