පාඩම - ළමා ගී
පරිවේණාචාර්ය - ජනක ප්‍රසන්න මායාදුන්නේ
දිනය - 2020-05-03
වේළාව - ප.ව. 4.00
ආයුබෝවන් දරුවනේ......!!!
අද අපි අලුත් පාඩමකට යමු. සින්දු කියමුද. ඔයාලා කොහොමද සින්දු කියන්න ආසයි. ඒකනෙ ඉස්කෝලෙදි බෙල්එක ගහල ඉවර වෙන්නත් කලින් සංගීත් කාමරේ ළඟ ඉන්නේ. හරි එහෙනම් අද පාඩම,
විද්‍යුත් මාධ්‍යයන්හි ප්‍රචලිත ළමා ගී
පුතේ, මිනිස්සු පණිවිඩ මිනිසුන් පණිවිඩ හුවමාරු කරගන්න ක්‍රම වලට අපි පොදුවේ කියනවා ජනමාධ්‍ය කියලා. මෙන්න මේ ජනමාධ්‍ය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි මුද්‍රිත මාධ්‍ය. ඒ කියන්නේ අපිට අවශ්‍ය තොරතුරු මුද්‍රණය කරලා බෙදාගැනීම. පත්තරේ කියන්නේ එහෙම මාධ්‍යයක්. ඊළඟ එක විද්‍යුත් මාධ්‍ය. තොරතුරු තරංග ඔස්සේ විකාශනය කිරීමක් තමයි මේකෙදි වෙන්නේ. ගුවන් විදුලිය සහ රූපවාහිනිය කියන්නේ අන්න ඒ විද්‍යුත් මාධ්‍ය ගණයට වැටෙන මාධ්‍යයන් දෙකක්.
ළමා මනසට කතා කරන ගුවන් විදුලිය, රූපවාහිනිය වගේ මාධ්‍යවල ප්‍රචාරය කරන ගීත තමයි අද අපේ මාතෘකාව.
මේ කාලෙ නම් ළමා ගීත වැඩිය ඇහෙන්නේ නෑනේ. නමුත් මීට දශක දෙක තුනකට කලින් ඕන තරම් ළමා ගීත ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් අහන්න ලැබුණා. වැඩිය හරියක් ගුවන් විදුලියෙන්. මං එහෙම කිව්වෙ රූපවාහිනිය ආරම්භ වෙන්න කලින් තමයි ගුවන් ගුවන්විදුලිය ආරම්භ වුණේ. ඒ නිසා රූපවාහිනියට වඩා ප්‍රමාණයක් ගුවන් විදුලියේදී ළමා ගීත ප්‍රචාරය වුණා. ගුවන් විදුවිදුලියේ ළමා මණ්ඩපය කියන්නේ ළමා ගීතයේ උපත කියලා කිව්වොත් වැරදි නෑ.
මේ ගීතවල තිබුණේ ළමා මනසට ගෝචරය වන යහපත් ඇමතුම්පැවතුම්, ළමා සිතුම් පැතුම්, සිරිත් විරිත් සාරධර්ම, උපදේශ වගේ දේවල්. අපි බලමු එහෙම ගීත ටිකක්....
ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ,
ටක් ගානවා ටික් ගානවා,
මනකල් හද විල් තලයේ,
බල්ල පිදුරු කන්නෙත් නෑ,
සීනි කෝපි තේ කිරි තේ,
ඉස්සර කාලේ හඳ මාමා,
උදෑසනම පොඩි අපි දිව එනවා,
අම්මා මාව දොයි කරන්න,
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා,
මල්ක් නෙලා ගෙනවිත්,
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන,
කොන්ද නමාගෙන,
කොණන්ඩෙ දිගට දාලා
කොටුව වැටිච්ච පුංචි සරම,
සුරතල් නංගියෙ අපෙ අම්මා
ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම ගණයේ ගීත රචකයන් වශයෙන් කරුණාරත්න අබේසේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ , අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, යූ ඒ එස් පෙරේරා, ඩෝල්ටන් අල්විස්, සුනිල් ආරියරත්න වැනි අය පෙන්වා දිය හැක.
තනු නිර්මාණ කරුවන් අංශ ක්ලැරන්ස් වී විජේවර්ධන, ක්ලෝඩ් ද සොයිසා, මිල්රෝයි ධර්මරත්න, නන්දා මාලනි යූ ඒ එස් පෙරේරා, වික්ටර් රත්නායක, ස්ටැන්ලි පීරිස්, කුලරත්න තෙන්නකෝන්, ඩී ආර් පීරිස්, සරත් වික්‍රම ටියුලින් ජයරත්න, ෂෙල්ටන් ප්‍රේමරත්න වැනි සංගීතඥයන් පෙන්වා දිය හැක.
ගායක ගායිකාවන් ලෙස නන්දා මාලනී, ශිරෝමාලා ප්‍රනාන්දු, මල්ලිකා කහවිට, පේෂලා මෙන්ඩිස්, මනෝජ් ප්‍රනාන්දු, ප්‍රියංකා වීරසේකර, එල්සි රුද්‍රිගු, උරේෂා රවිහාරි, ශිරෝමි ප්‍රනාන්දු වැනි ගායක ගායිකාවන් පෙන්වා දිය හැක.
No comments:
Post a Comment