විෂය - චිත්ර
පාඩම - සිලින්ඩරාකාර වස්තුවක් අඳින හැටි
පරිවේණාචාර්ය - නුවන් ප්රසාද්
දිනය - 2020-05-17
වේළාව - ප.ව. 2.00
පුතාලා හැමෝටම,
ආයුබෝවන්!!!
අපිට චිත්ර අඳින්න විවිධ හැඩ පිළිබඳව දැනුමක් හැකියාවක් තියෙන්න ඕනි. අපි ගෝලාකාර වස්තූන් ඇඳීම පිළිබඳව කලින් පාඩමේදී කතා කලා ලස්සන නිර්මාණ කිහිපයක්ම පුතාල කරල එවල තිබුන. අද අපි අලුත් වැඩක් කරමු. අපිට තව හැඩකල කිහිපයක්ම අඳින්න පුළුවන් වෙන්න ඕනි. අපි අද බලමු සිලින්ඩරාකාර වස්තුවක් අඳින හැටි.
මේ බලන්න අපිට පහසුවෙන්ම සිලින්ඩරාකාර වස්තුවක් අඳින්න පුරුදු වෙන්න පුළුවන් මේ තමයි මූලික අදියර
තාක්ෂණික දෝෂ නිසා මදක් ප්රමාද වෙනව
අපි මුලින්ම සිලින්ඩරාකාර වස්තුවක් බලාගන්න ඕනි. ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුටන් ටින් එකක් එහෙම නැත්නම් බට කැබැල්ලක් වැනි ඕනෑම දෙයක් ලබා ගන්න අපි පාඩම මුලදි කී පරිදි සිලින්ඩරය හා ශාකමය කොටසක් වුවත් අද අපි සිලින්ඩරය පමණක් අඳිමු.
මා ලබාදුන් වීඩියෝවෙ දැක්වෙන පරිදි අපි සිලින්ඩරය අඳින්න පටන් ගමු.
මුලින්ම ඔයාල ලබාගත්ත භාණ්ඩයේ පින්තූරයක් මට එවන්න ඉන් පස්සෙ අපි අඳින්න පටන්ගනිමු ඒ අතර පසුගිය පාඩම කරල එවපු නිර්මාණ කිහිපයක් ඔයාලට එවන්නම්.
කවිඳු ගිම්හාන 6B
හංසික සංදීප 6a
අභිරු පුතා
මෙන්න මේ වගේ වැඩ කරල එවන්න ඕනි එහෙම උනොත් තමයි අපිට අඩුපාඩු කතා කරන්න පුළුවන්.
කෝ තාම කවුරුත් එවිවෙ නෑනෙ දැන් පාඩමට ඉන්න පුතාල එවන්න බලන්න
මේ වීඩියෝ 1 බලන්න ඔයාලට තව දුරටත් පැහැදිලි වෙයි
අදට පාඩම මෙතනින් අවසන් කරනවා. සියලුම දෙනාට,
තෙරුවන් සරණයි !
මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත Comment තීරුව භාවිතා කරන්න.
No comments:
Post a Comment