Friday, 1 May 2020

ගණිතය




විෂය                  -  ගණිතය

 පරිවේණාචාර්ය  - කේ ඒ ගුණරත්න

 පාඩම                -  සාධක හා ගුණාකාර

 දිනය                 -  2020-04-30

 වේලාව             - පෙ.ව.8.00



හැමෝටම 
සුබ උදෑසනක් වේවා !!! 

















අදට පාඩම ඇති. තවත් දවසක හමුවෙමු. 

ආයුබෝවන්...!!!

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

සංගීතය

විෂය                  -  සංගීතය

පාඩම                - සංගීත භාණ්ඩ

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-05-01

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන් දරුවනේ......!!!

''සංගීත භාණ්ඩ''  පාඩම යටතේ පහුගිය දවසේ සංගීත භාණ්ඩ කිහිපයක් පිළිබඳව අපි ඉගෙන ගත්තා.   අද  තවත් සංගීත භාණ්ඩ කීපයක් ගැන බලමු. 

වයලීනය

තන්ත්‍රීය වාද්‍ය භාණ්ඩ ගණයට අයත් වන වයලීනය තත්  හතරකින් යුතු ලෝකය පුරා ප්‍රචලිත වී පවතින ජනප්‍රිය ගණයේ සංගීත භාණ්ඩයකි. ලෝකයේ විවිධ වූ ශෛලීන් සියල්ලටම පාහේ  ආවේණික වූ ගුණයකින් යුතු ව යොදා ගත හැකි සංගීත භාණ්ඩයක් වීම මෙහි විශේෂත්වයයි.
මෙහි ආරම්භය පිළිබඳව විවිධ මත පවතී. එක් මතයක් ලෙස ඉන්දියාවේ බිහිවූවක් ලෙසද, තවත් මතයක් ලෙස වියොලාව නම් භාණ්ඩයක් ඇසුරෙන්  යුරෝපයේ බිහිවූ බව ද,  යනාදී ලෙස මත ගිහි කිහිපයක්  පැවතුනද, ලාංකිකයන් ලෙස අපට උරුම වූ අදහසක්ද  පවතී. ඒ රාවණ  හස්තය නම් සංගීත් භාණ්ඩය රාවණා යුගයේදී බිහිවි ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනය වී වර්තමාන ස්වරූපයෙන් දැකගන්නට හැකි  බවයි.




වයලීනය සුසර කෙරෙන ආකාර කිහිපයක් අධ්‍යයනය කළ හැක.




 වයලිනයේ කොටස් මෙසේ හඳුනා ගනිමු 




වයලීන් පවුලේ සාමාජිකයින් 4 දෙනෙක් හඳුනා ගත හැක. ඒ,  

වයලීනය
වියෝලා
චෙලෝ
ඩබල්බේස් 






බටනළාව

බටනලාව 

සුළං ආධාරයෙන් හඬ උපදින "සුෂිර" භාණ්ඩ ගණයට අයත් වන බට නලාව, බට ලී භාවිතයෙන් නිෂ්පාදනය වී ඇත. ගොපල්ලන් අතර ප්‍රචලිතව පැවතුණි පැවැත්වුණු මෙම සංගීත භාණ්ඩය අද වන වනවිට දියුණු සංගීත ක්‍රමයන් හා සහ සම්බන්ධ වී විකාශනය වී ඇත. සුළං පිඹීමට එක් සිදුරකුත්, ඇඟිලි භාවිතයෙන් තොර නිපදවා ගැනීමට තවත් සිදුරු හයකින් යුත් සමන්විත වී ඇත. තිරස් ආකාරයට හා සිරස ආකාරයට වාදනය කරනු ලබන බට නලා වර්ග දෙකක් ඉන්දියානුවන් අතර ප්‍රචලිත වී ඇත. බන්සුරි හා මුරලි එම වර්ග දෙකයි.

පණ්ඩිත් පන්නලාල් ගෝස්. පණ්ඩිත් හරිප්‍රසාද් චෞර්සියා අති දක්ෂ ඉන්දියානු බටනලාව වාදකයින් ලෙසත්, අනිල් මිහිරිපැන්න, වී හේමපාල යන අය ලාංකේය දක්ෂ බටනලා වාදකයන් වේ.
විවිධ ස්වරයන් ශ්‍රැතකොටගත් බට නලා වර්ග රාශියක් භාවිතයේ ඇත. පාසලේ  දී බොහෝවිට භාවිතා කරන්නේ ජී වර්ගයේ බටනලාවයි.



















හොඳයි දරුවනේ එහෙනම් අදට පාඩම ඉවරයි.  


සුභ දවසක්...!!!


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Thursday, 30 April 2020

පුරවැසි අධ්‍යනය


විෂය                  - පුරවැසි අධ්‍යයනය

පාඩම                - අප ප්‍රදේශය ඇති භෞතික සම්පත්

පරිවේණාචාර්ය  - රාජික මනෝජ්

දිනය                 - 2020-04-30

වේළාව              - ප.ව. 4.00


ආයුබෝවන් දරුවනේ...!!!

අපි දැන් පාඩමට සූදානම් වෙමු. 






මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

විද්‍යාව

විෂය                  - විද්‍යාව

පාඩම                - ශක්තිය

පරිවේණාචාර්ය  - නදිත් නිශ්ශංක

දිනය                 - 2020-04-29

වේළාව              - පෙ.ව. 8.30



ආයුබෝවන් . හරි දැන් අපි පාඩම පටන් ගමු. පහත සටහන් ඉස්කොලේ සටහන් පොතේ ලස්සනට ලියා ගන්න.











දැන් අපි කලින් සතියේ කල ක්‍රියාකාරකමි මතක් කර ගමු.එවා කරපු නැති අය කරන්න.








මිට අමතරව අපි කුඩු ලිප සැදුවා. අද අපි 4.4 හා 4.5 ක්‍රියාකාරකම් කරමු.අවශ්‍ය දෙවල් සපයා ගැනිමෙදි ගෙදරදි හොයා ගන්ඩ පුලුවන්  විකල්ප ද්‍රව්‍ය යොද ගන්ඩ.






කරපු ක්‍රියාකාරකම් මගේ පුද්ගලික  whats app එකට එවන්න.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Wednesday, 29 April 2020

"සොඳුරු සැන්දෑව"

දිනය      - 2020.04.29
වේලාව   - ප.ව. 6.00

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 
පද         - රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය  - බන්දුල විජේවීර

අද ගැයුම- පියුමි කෞශල්‍යා ඒකනායක

දේශක   - නාලක ඉල්ලවතුර
              ඕස්ට්‍රේලියාවේ ක්‍රයිජිබර්න් සිට...



ධීරානන්ද විද්‍යායතනයේ සිසු දරුවන්ගේ ආකල්ප ඉහළ නැංවීම සඳහා, දිනේෂ් සම්පත් කුමාරසිරි මහතාගේ අදහසක් මත ක්‍රියාත්මක වූ මාසික ගීත රසවින්දනාත්මක වැඩසටහන, මාර්ගගත ක්‍රමයට අනුව "සොඳුරු  සැන්දෑව" නමින් මේ වනවිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව  එක් දේශකයෙකු විසින් එක් වරකට එක් ගීතයක් බැගින් අර්ථ විග්‍රහයක් සිදුකෙරෙන අතර එම අර්ථ විග්‍රහයන්, සජීවී ඉදිරිපත් කිරීමක් සමඟ විද්‍යායතනයේ  වට්ස්අප් සමූහ හා Blog තුළ මෙසේ මුදා හැරෙනු ඇත. එහෙනම්,

එන්න විඳගන්න 


"සොඳුරු සැන්දෑව"


අර්ථ දිගහැරුම - ප්‍රවීණ දේශක/ කථිකාචාර්ය 
නාලක ඉල්ලවතුර........



සුබ සැන්දෑවක්.....

ඔබට, මට, අපි හැමකෙනෙකුටම අම්මා කෙනෙක් ඉඳලා තියෙනවා. ඇගේ උණුසුම දැනිල තියෙනව. අද තමන් අතර ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ව දාලා ගියා වෙන්නත් පුළුවන්. ඒත් මව් සෙනෙහස එක මොහොතක් හෝ විදින්නට වාසනාව තිබුන නිසයි ඔබ මේ ලියමන කියවන්නෙ.
මෑතකදී මට කියවන්නට ලැබුණු විචාරයක අම්මලා කොටස් තුනකට බෙදලා තිබුණා.ඒ එක අම්ම කෙනෙක් තමයි අහසෙ අම්මා. 

අහසෙ අම්ම කියල කියන්නෙ අපිට කවිකතාකාරයො එහෙම නැත්තං සාහිත්‍යකරුවො මවල දීල තියෙන අම්මා. අපි දැකල නෑ. අපි ස්පර්ශ කරල නෑ. කිසාගෝතමිය කියන්නෙ එහෙම අම්ම කෙනෙක්. පටාචාරව,  එහෙමයි. යශෝධරාව, ඒත් එහෙමයි. ඒ අපේ පරමාදර්ශී මාතෘත්වය. සමහර විට අපි දැක නැහැ අසා තිබෙනවා පමණයි. 

ඊළඟ අම්මා තමයි මේ මොහොතේ සමාජය තුළ අපි  දකින නෙත් සිත් වශී කරන අම්මා. ඇන්කර් වෙළඳ දැන්වීමේ ඉන්න අම්ම. ඒ අම්ම හරි තරුණයි. ඒ නියපොතුවල තියෙන්නෙ අමුතු සුන්දරත්වයක්. ඇගේ දෙතොල් සුන්දරයි. හරියට රාහුල හාමුදුරුවන්  "සිසි වන උවණ ඉඟ සුඟ ගත හැක මිටින නිසි පුළුලුකුල පුලුලුකුල රිය සක යුරු තිසර තන" කියලා දැකපු කාන්තාව වගේ. මේ අම්මා ෆේස්බුක් යන, පයෝධර ආරක්ෂා කර ගන්න තමන්ගෙ දරුවන්ට හරියට කිරි නොදෙන, එහෙම නැත්නම් තමන්ගේ රූපය අලංකාර කර ගන්න විවිධ උපක්‍රම අත්හදා බලන්න ගිහිල්ලා මිය යන්න පවා සිද්ධ වෙන කෙනෙක්. 

හැබැයි තව අම්මා කෙනෙක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි මේ ඔබේ අපේ අම්මා.රෑ දවල් දෙකේ නැතුව අපිට කන්න දෙන්න  බොන්න දෙන්න වෙහෙස මහන්සි වෙන අම්මා. සමහර විට තාත්තාගෙන් ගුටි කාලා. කවදාවත් ඇය තම නියපොතු වර්ණ ගන්නල නෑ. ඇය ෆේස්බුක් ගැන දන්නේ නැහැ. හැබැයි ඇය මාතෘත්වය ගැන දන්නවා. එහෙම අම්මල තමයි අපිට කන්න දෙන්න බොන්න දෙන්න කඳුළු නෑඹිලියට දාල සහල් ගරන්නෙ. 

 ලෝකයේ කිසිම දිනෙක පිරිමි ඔබට විඳින්නට නොහැකි වේදනාවක් දරාගෙන මේ ලෝකෙට බිහි කළ අම්මා. පහු කාලෙක අපේ ලෝකේ  ලොකු වෙනකොට, අපට ලෝකයේ දොරවල් විවර වෙන කොට, පුංචි කාලේ අපි ළඟ මහා වෘක්ෂයක් වගේ හිටිය අම්මා අපට පුංචි වෙන්න ගන්නවා. ඊට පස්සේ පස්සේ අපේ ලෝකෙට තවත් බොහෝ අය එනවා. ඒත් වැරදුණු දවසට ආපහු එනකොට ගෙදර ඉන්නේ අම්මා විතරයි. මේ තමයි අම්ම. එහෙම අම්මා කෙනෙක්, තමන් අම්මා කෙනෙක් වුණු දවසක, එහෙම නැත්නම් තමන් තාත්තා වුණු දවසක, තමන්ගේ දරුවා නළවන්න නැළවිලි ගී කියද්දී ඈ මේ ලෝකේ නැති නම්, ඒ හැඟීම හැමෝටම වේදනාත්මකයි.

ඉතිං අපි සිහිකරගමු අපේ අම්මව


ලෝකෙ කොහේ හරි විඩාවට පත්වෙලා අවසන නැවත හැරී ගෙදර එනකොට එදා වගේම ඇය ඉඳිකඩ ළඟ බලා හිඳීවි අපි එනතුරු අපේ අම්මා .........






සිංහල

විෂය                  - සිංහල

පාඩම                - නරි බෑනා නාට්‍ය

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-04-29

වේළාව              - ප.ව. 4.00










































ක්‍රියාකාරකම්.

1. නරි බෑනා නාට්‍යයේ කතුවරයා/නිෂ්පාදකයා කවුද ?

2. ඔහු පිළිබඳ තොරතුරු නකටියෙන් සපයන්න.

3. ⁣මෙම නාට්‍යයේ චරිත මොනවාද?

4. මෙම නාට්‍ය කෙටියෙන් ලියන්න.

5. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කුමක්ද?

6. නරිබෑනා නාට්‍යයෙන් ගත හැකි ආදර්ශ මොනවාද?

7. නරිබෑනා නාට්‍ය ගායනාකොට whatsApp මගින් පෙන්වන්න.








මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

English

Subject  - English

Lesson  - Essay (My favorite animal)

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-04-29

Time     - 7.00 A.M