Monday 20 April 2020

සංගීතය - ස්වර ස්ථාපන ගී ගායනය


විෂය                  -  සංගීතය

පාඩම                - ස්වර ස්ථාපන ගී ගායනය

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-04-20

වේළාව              - ප.ව. 4.30 - 6.00






ස්වර ස්ථාපන ගී ගායනය 



ආයුබෝවන් දරුවනේ අපි පසුගිය පාඩමේදී කතා කළා ස්වර ස්ථාපන ගී කියන්නේ මොනවද කියලා. අද අපි එම ගීත ගායනා කරල බලමු.
ඔබට මතක ඇති ස්වර සප්තකය පිළිබඳව ඉගෙන ගන්නකොට කතා කළා සෑම ස්වරයක ම ඊට  ආවේණික වූ  හඬක් එහෙම නැත්නම් තාරතාවයක්  ඇති බව. "ස" ස්වරයට වඩා "රි" ස්වරය හඬින් ඉහළයි. "රි" ස්වරයට වඩා "ග" ස්වරය හඬින් ඉහළයි. හරියට පඩිපෙලක් දිගේ උඩට නගිනවා වගෙයි. බලන්නකෝ මේ වීඩියෝ එක.




එහෙනම් අපි දැන් බලමු ස්වර ස්ථාපන ගීතයක් ගායනා කරන්න. මුලින්ම අපි බලමු ලියාගත්ත ස්වර ස්ථාපන ගීත වලින් දෙවෙනි ගීතය  (හොඳ දේ හිතමි) මේ ගීතයේ වචන වල සෑම අකුරකටම නිශ්චිත ස්වරයක් වෙන් වෙලා තියෙනවා. ඉතිං අපි ගයනකොට ඒ සෑම අකුරක්ම නිශ්චිත ස්වරයට අනුව හඬ උස් පහත් කළ යුතුයි. මේ ගීතයට අනුව ෂඩ්ජය සහ රිෂභය යන ස්වර දෙක පමණක් භාවිතා වන නිසා, ෂඩ්ජය යෙදෙන තැන් පහල  හඬකිනුත්, රිෂභය යෙදෙන තැන් ඉහළ හඬකිනුත් ගායනා කරමු.





මේ විදිහට ගීත කිහිපයක් මා ගායනා කොට පෙන්වනවා. ඔබ ඒවා නැවත නැවත සවන් දී හොඳින් පුරුදු පුහුණු වන්න



පැවරුම්:-
1. ස්වර ස්ථාපන ගීත එකොළහ අතුරින් දෙවෙනි, හතරවෙනි සහ දහවැනි  ගීත තුන ගායනා කර පෙන්වන්න.

2. නිදහස් වේලාවකදී අනෙකුත් ගීත ගැයීමට හැකි දැයි උත්සාහ කර බලා මා වෙත යොමු කරන්න.

සියලු පැවරුම් මාගේ පෞද්ගලික whatsapp අංකයට යොමු කළ යුතුයි. 0714002718 ජනක ප්‍රසන්න මායාදුන්නේ(සංගීත සර්) තවත් දිනෙක අනෙකුත් ගීත ගැයීමට බලාපොරොත්තුවෙන් අදට පාඩම අවසන් කරමු. 


සුභ දවසක් !!!


1 comment: