Sunday, 17 May 2020

සංගීතය



විෂය                  - සංගීතය

පාඩම                -  නූර්ති

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-05-17

වේළාව              - ප.ව. 4.00

ආයුබෝවන්🙏🏻🙏🏻🙏🏻

ලෑස්තිද සංගීත පාඩමට

අද ඔයාලට තියෙන පාඩම 
නූර්ති

පුතේ "නාට්‍ය" කිවුවම ඔයාලට මතක් වෙන්නෙ මොනවද?
ටෙලිනාට්‍ය. එහෙම නේද.
ඒත් අපේ සීයලාගෙන් ඔය ප්‍රශ්නය ඇහුවනං එයාල දෙන උත්තරේ තමයි "ටීටර්"..
ටීටර් කියන වචනෙ බිඳිල ඇවිත් තියෙන්නෙ theatre කියන වචනෙන්. තියට්‍රි > තීටර් > ටීටර්. ටීටර් කියල අපේ සීයල ඒ කාලේ හඳුන්වල තියෙන්නෙ නූර්ති කියන නාට්‍ය වර්ගය.

මේ නූර්ති නාට්‍ය වලට කලින් ලංකාවෙ තිබිල තියෙනව සොකරි,කෝලම්,නාඩගම් වගේ ගැමි නාට්‍ය කලාවන් කිහිපයකුත්. හැබැයි ඒ හැමදේකටම වඩා වෙනස් මුහුණුවරක් ගන්න පුළුවන් වුණා මේ නූර්ති වලට. විචිත්‍ර ඇඳුම් පැළඳුම්, අපූරු දර්ශන, ලංකාවට අලුත් මුහුණුවරක් ගත්ත හින්දුස්ථානි සංගීතය සහ එය මිශ්‍ර උණු අලංකාර ගීත ඊට හේතුවෙලා තියෙනවා.


සොකරි නාට්‍ය


කෝලම් නාට්‍ය


නාඩගම්


නූර්ති


ආශ්වාදය උදෙසා මෙරටට ගෙන්වූ සර්කස් කණ්ඩායම් සංගීත කණ්ඩායම් අතුරින් කේ එම් බලිවාලා නම් සංගීතඥයා ඇතුළු නෘත්‍ය කණ්ඩායම, ඉන්දියාවේ මුම්බායි නුවරින්  ශ්‍රී ලංකාවට ගොඩබැහැල, කොළඹ කොටුවේ පුෂ්ප ශාලාවේ ඉස්සෙල්ලාම නෘත්‍ය නාට්‍ය ඉදිරිපත් කරලා තියෙනවා. කෙටි කලකින් ඒවා ඉතා ජනප්‍රිය තත්ත්වයකට පත්වුණා. ඒවා කොච්චර ලස්සන ද කියනවා නං එකම නාට්‍ය පස් හය වතාවක් විතර සමහර අය බලලා තියෙනවා. ඊට පස්සේ කණ්ඩායම ආපහු ඉන්දියාවට ගියාට පස්සේ ලංකාවේ මේ නාට්‍ය බලපු අය මේ අනුසාරයෙන් අලුත් නාට්‍ය කලාවක් නිර්මාණය කළා. ඒ කලාව නූර්ති නාට්‍ය කලාවයි. මේ වැඩේට මූලිකත්වය ගත්තෝ ගත්තේ සී දොන් බස්තියන් මහතා මුල් ම නූර්තිය වශයෙන් ගැනෙන "රොලීනා හෙවත් දිව්‍ය කුසුම " නිෂ්පාදනය කරල රඟ දක්වලා තියෙනවා. එතැන් සිට නීතිඥ ජෝන් ද සිල්වා, නීතිඥ චාල්ස් ඩයස් වැන්නවුන් නූර්ති නිෂ්පාදනය කිරීමට පටන් ගත්තා.  නමුත් උතුරු ඉන්දියානු සංගීතය ලංකාවට අළුත් නිසා විශ්වනාත් ලව්ජි, ජටා ශංකර්, අමීර් අලී, අබ්දුල් අසීස්, සදාලාල්, මගන් ලාල් වැනි උතුරු ඉන්දියානු සංගීතඥයින් ලංකාවට ගෙන නූර්ති සඳහා සංගීතය නිෂ්පාදනය කර ගැනීමට සිද්ධ වුණා. මේ නිසා හින්දුස්ථානි සංගීතය, තබ්ලාව ඩෝලය රවිකිඤ්ඤය සර්පිනාව වැනි බොහෝ සංගීත භාණ්ඩ, එම සංගීත භාණ්ඩ වාදනය කරන ශිල්පීන්  ලංකාවට පැමිණියා.

රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ලංකාගමනයෙන් පසුව  ලංකාවේ පිරිස් ජේ සාදිරිස් ද සිල්වා, එච් ඩබ්ලිව් රූපසිංහ, බී එඩී ද සිල්වා, හෙක්ටර් සොයිසා වැන්නවුන් ඉන්දියාවට ගොස් සංගීතය හදාරා පැමිණ, මෙම නූර්ති සඳහා සංගීතය නිර්මාණය කරන්න පෙළඹුණා.


අපි දැං නූර්ති ගීත කිහිපයක් බලමු......



01. අද වෙස්සන්තර
නූර්තිය - වෙස්සන්තර
නිෂ්පාදක - නීතිඥ ජෝන් ද සිල්වා


අද වෙස්සන්තර රාජ පුතා
මන්ත්‍රී කුමාරි බදී
දෙවෝපකාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්

බෝම ප්‍රීති ඝෝෂා ප්‍රීතිඝෝෂා
ඇසෙන්නා මේ සිව්දෙසා...//
සෙත අත්පත් වේවා
මන්ත්‍රී කුමරි හට දැන්
රාජ සම්පත් නොමින්
දේය රාජා උතුම්
කුමරාගෙ පිනක් මැයි
වාසනාවෝ..//




02. සුවඳ පද්ම
නූර්තිය - දුටුගැමුණු
නිෂ්පාදක - නීතිඥ ජෝන් ද සිල්වා

සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පුෂ්පයෙන් සැදී
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී

වතුර නාන තෙක් දනෝ
පැමිණ නාති ග්‍රීෂ්ම යන්ට
මම ද නාග ලෝකයෙන් ම
මෙපුර ආමි නාන සේ

පෙනෙති ධූප මේ පුරේ
වඳිති ඊට දීප වාසි
රකිති ධර්ම ශාක්‍යවංශ
මුනිඳු දේශනා ලෙස




03. මෙම ගිම්හාන
නූර්තිය - විදුර
නිෂ්පාදක - නීතිඥ චාල්ස් ඩයස්

මෙම ගිම්හාන ග්‍රීස්ම වූ කාලේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ

යස රම්‍යා වූ සැන්දෑවකී මේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා දේ

සූර්යයා යයි බැසී චන්ද්‍රයා එයි නැගී
බිඟු රාශි මධු ලෝලෙන් හැසිරෙන්නා
කෝකිල දී පක්ෂි ගීත රැව් දී නැගේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා දේ


එහෙනම් මේ පාඩමේ වැදගත් කරුණු ඔක්කොම හැමෝම ලියාගන්න.
ගීත තුනත් ලියාගන්න.
ඊලඟ දවසේ අපි ගායනා කරමු
අදට පාඩම ඉවරයි

හැමෝටම,
සුබ දවසක්!!!

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

චිත්‍ර කලාව



විෂය                  - චිත්‍ර

පාඩම                - සිලින්ඩරාකාර වස්තුවක් අඳින හැටි

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-05-17

වේළාව              - ප.ව. 2.00



පුතාලා හැමෝටම,

ආයුබෝවන්!!!


අපිට චිත්‍ර අඳින්න විවිධ හැඩ පිළිබඳව දැනුමක් හැකියාවක් තියෙන්න ඕනි. අපි ගෝලාකාර වස්තූන් ඇඳීම පිළිබඳව කලින් පාඩමේදී කතා කලා ලස්සන නිර්මාණ කිහිපයක්ම පුතාල කරල එවල තිබුන. අද අපි අලුත් වැඩක් කරමු. අපිට තව හැඩකල කිහිපයක්ම අඳින්න පුළුවන් වෙන්න ඕනි. අපි අද බලමු සිලින්ඩරාකාර වස්තුවක් අඳින හැටි.



මේ බලන්න අපිට පහසුවෙන්ම සිලින්ඩරාකාර වස්තුවක් අඳින්න පුරුදු වෙන්න පුළුවන් මේ තමයි මූලික අදියර
තාක්ෂණික දෝෂ නිසා මදක් ප්‍රමාද වෙනව
අපි මුලින්ම සිලින්ඩරාකාර වස්තුවක් බලාගන්න ඕනි. ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුටන් ටින් එකක් එහෙම නැත්නම් බට කැබැල්ලක් වැනි ඕනෑම දෙයක් ලබා ගන්න අපි පාඩම මුලදි කී පරිදි සිලින්ඩරය හා ශාකමය කොටසක් වුවත් අද අපි සිලින්ඩරය පමණක් අඳිමු.
මා ලබාදුන් වීඩියෝවෙ දැක්වෙන පරිදි අපි සිලින්ඩරය අඳින්න පටන් ගමු.





මේ බලන්න මේ හැම දේකම මූලික හැඩය සිලින්ඩරාකාර හැඩය. අපිට අපි අඳින භාණ්ඩයේ මතුපිට ලක්ෂණ හොඳින් බලාගෙන මේ වගේ අඳින්න පුළුවන්.

මුලින්ම ඔයාල ලබාගත්ත භාණ්ඩයේ පින්තූරයක් මට එවන්න ඉන් පස්සෙ අපි අඳින්න පටන්ගනිමු  ඒ අතර පසුගිය පාඩම කරල එවපු නිර්මාණ කිහිපයක් ඔයාලට එවන්නම්.

 කවිඳු ගිම්හාන 6B

 හංසික සංදීප 6a


අභිරු පුතා


මෙන්න මේ වගේ වැඩ කරල එවන්න ඕනි එහෙම උනොත් තමයි අපිට අඩුපාඩු කතා කරන්න පුළුවන්.

කෝ තාම කවුරුත් එවිවෙ නෑනෙ දැන් පාඩමට ඉන්න පුතාල එවන්න බලන්න

මේ වීඩියෝ 1 බලන්න ඔයාලට තව දුරටත් පැහැදිලි වෙයි




අදට පාඩම මෙතනින් අවසන් කරනවා. සියලුම දෙනාට, 

තෙරුවන් සරණයි !

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

නර්තනය


විෂය                  - නර්තනය

පාඩම                - නර්තනයේ ප්‍රගමනයට දායක වූවන් අගයමු

පරිවේණාචාර්ය  - දර්ශන රොෂාන්

දිනය                 - 2020-05-17

වේළාව              - පෙ.ව. 11.30







අද අපි ඉගෙන ගන්නා පාඩම,

ඔයාලට 6 වසරේදී  ශිල්පීන්  තිදෙනකු ගැන ඉගෙන ගන්න තියනවා ..


ඉහත  අය ගැන බලමු ...

නිත්තවෙල ගුනයා ගුරුතුමා ...

මෙම රූපෙ  ඉන්නෙ නිත්තවෙල ගුනයා ගුරුතුමා ...




මේ වීඩියෝ එක බලන්නකෝ...



ඔයාලට පොතේ සටහන් කර ගන්න සටහනක් දෙන්නම් ..


දැන් අපි සාවුරිස් සිල්වා ගුරුතුමා ගැන ඉගෙන ගනිමු ..

සාවුරිස් සිල්වා ගුරුතුමා



මේ රූප දෙකේම ඉන්නෙ සවුරිස් ගුරුන්නාන්සේ
මෙතුමා ගැනත් සටහනක් දෙන්නම් .. මේක ලියන්න සටහන් පොතේ ..



අපි දැන් ඉගෙන ගනිමු එන් ඒ සිරිබෝහාමි ගුරුතුමා ගැන ..

එන් ඒ සිරිබෝහාමි ගුරුතුමා


ඉහත සටහන ලියාගන්න ..
අද ට පාඩම ඉවරයි .. පහත වැඩ ටිකත් කරන්න ..

01.මෙම නර්තන ශිල්පීන් තිදෙනා අයත් වන සම්ප්‍රදායන් තුන නම් කරන්න.
02.ශ්‍රී ලාංකේය නර්තනයේ ප්‍රගමනයට  තිත්තවෙල ගුනයා මහතා, එස් එච් සව්‍ රිස් සිල්වා මහතා, එන් ඒ සිරිබෝහාමි මහතා විසින් ඉටුකළ සේවාවන් කෙටියෙන් විස්තර කරන්න.

🙏🙏
ආයුබෝවන් ..

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

ඉතිහාසය


විෂය                  - ඉතිහාසය

පාඩම                - ශ්‍රී ලංකාව ජනාවාස වීම

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-05-17

වේළාව              - පෙ.ව. 8.00























































මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Saturday, 16 May 2020

බුද්ධ ධර්මය


විෂය                  - බුද්ධ ධර්මය

පාඩම                - අත්තස්වාර ජාතකය

පරිවේණාචාර්ය  - මාබොටුවන නාලක හිමි

දිනය                 - 2020-05-16

වේළාව              - පෙ.ව. 9.00











6  ABC ශ්‍රේණිය - බුද්ධ ධර්මය

            7 - පාඩම 

*️⃣ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 


01. මෙම පාඩමේ එන කතාව ඇතුළත් පොතේ නම ලියන්න. 

02. එම පොත ලියවී ඇති කාලය නම් කරන්න. 

03. මෙහි එන කුඩා දරුවාගෙන් ඔබට ලබා ගත හැකි ආදර්ශ 3ක් ලියන්න. 

04. මේ දරුවා තම පියාගෙන් දැන ගැනීමට අවශ්‍ය වු කරුණ කුමක් ද ? 

05. පාඩමට අනුව දියුණුව අදාළ රන් දොරටු මොනවාද ?  (  පාලියෙන් / සිංහලෙන් දෙකෙන්ම ලියන්න.  ) 

06. කම්මැලිකම නිසා ඇති විය හැකි අනිටු විපාක 3ක් ලියන්න. 

07. පෙළ පොතේ පුහුණුව යටතේ ඇති කවිය හා තේරුම නිවැරදි ව ලස්සනට ලියන්න. 

08. ඔබට ඔබේ පවුලේ අයගෙන් නිතර ලැබෙන අවවාද 3ක් ලියන්න.



මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

English


Subject  - English

Lesson  - Adjective

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-05-16

Time     - 7.30 A.M











Use the comment bar below to ask any questions you may have about this lesson.

Friday, 15 May 2020

සංගීතය


විෂය                  -  සංගීතය

පාඩම                -  රබන් පද

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-05-15

වේළාව              - ප.ව. 4.00




ආයුබෝවන්
සංගීත පාඩම ට කට්ටිය ලෑස්තිද

ආ හරි
ඔයාලා දැකලා තියෙනවද රබන්
ඒ දැකලා තියන රබාන කොයි වගේ එකක්ද

හරි මම රබාන ගැන මෙහෙම කියන්නම්කො

රබන් වර්ග දෙකක් තියනවා
01. අත් රබාන
02.බංකු රබාන

ඔයාල දැකල ඇති විරිඳු කියන්න පාවිච්චි කරන  රබානක්. අන්න ඒකට කියන්නේ අත් රබාන කියලා
තව එකක් දැකල ඇති අවුරුදු කාලෙට බිම තියාගෙන වාදනය කරන  රබානක්. අන්න ඒක බංකු රබාන
මං ඒ දෙකේම පින්තූර දෙකක් දාන්නම්

අත් රබාන


බංකු රබාන


මේ දෙකෙන් අද අපි කතා කරන්නේ බංකු රබාන ගැන
ලී කණු තුනක් ආධාරයෙන් බංකුවක් වැනි යමක් මත තබා වාදනය කරනු ලබන රබාන බංකු රබාන  කියලා කියනවා
රබන් පද වාදනය කරනු ලබන්නේ බංකු රබානෙන්
මතක තියා ගන්න ඕන දෙයක් තියෙනවා රබන් පද සඳහා භාවිතා කරන්නේ බංකු රබාන. රබන් කවි සඳහා භාවිත කරන්නේ අත් රබාන. ඔය දෙක පටලවගන්න එපා.

සාමාන්‍යයෙන් අඟල් තිස් හයක් විතර විස්කම්භයක් බංකු රබාන සඳහා යොදා ගන්නවා. කොහොඹ, කොස්, ගංසූරිය වගේ ලී වර්ගයකින් තමයි බංකු රබානක් හදාගන්න භාවිතා කරන්නේ. මුහුණතට එළු හමක් හෝ හරක් හමක් යොදා ගන්නවා. අර අපි කලින් කතාකරපු බංකුව උඩ රබාන  තියලා යටින් අඟුරු දාල යම් උණුසුමක් රඳවා ගනිමින් තමයි බංකු රබාන වාදනය කරන්නේ.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමයේ දී බහුලව යොදා ගන්නවා. ඊට අමතරව පැරණි සාම්ප්‍රදායික විවාහ මංගලෝත්සව, සාම්ප්‍රදායික ප්‍රීති ජනක උත්සව සඳහා භාවිතා භාවිත කරනව.
බොහෝ සෙයින් බංකු රබාන වාදනය කිරීම සඳහා කාන්තාවන් සහභාගී වන නමුත්, ගැහැනු පිරිමි භේදයකින් තොරව බංකු රබාන වාදනය කරයි. කිහිප දෙනෙක් සාමූහිකව රබන් පද වාදනය කරන අතරතුර තවත් කෙනෙක් එම තාලයට නර්තනයක් ඉදිරිපත් කරන අවස්ථා ද රබන් වාදනයේ දී දැකිය හැකියි.
දැන් කියන්න බලන්න ඔයාලා දන්න රබන් පද ටිකක්

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්න වර පෙත්තප්පු

මේක ඔයාල හැමෝම අහල තියෙන රබන් පදයක්
කවුරු හරි කෙනෙක් මේක වාදනය කරල කරලා පෙන්නන්න බලන්න.
පුලුවන්ද

හරි මං වාදනය කරලා පෙන්නන්නම්කො



දැන් ඔයාලට පුළුවන් ඔය අහල පහල තියෙන මොකක්හරි තට්ටුවක් දාන්න පුළුවන් දෙයක් ප්‍රයෝජනයට අරගෙන මේ පද වාදනය කරන්න පුරුදු වෙන්න. හැබැයි කඩලා බිඳලා දාලා අම්මගෙන් ගුටි කන්නේ නැති වෙන්න.
ඊළඟ රබන් පදය



මේකත් පුරුදු වෙලා මට එවන්න බලන්න අඩුපාඩු හදා ගන්න
ඊළඟ එක......



හරි....අද දවසේ පැවරුම
අපි දැන් මේ පුරුදු වුණු විදිහට ඊළඟට මම දාන වීඩියෝ එකේ තියෙන රබන් පද ටික පුරුදු වෙලා මට එවන්න ඕන.



එහෙනම් අදට ඇති නේද.

හැමෝටම
සුබ දවසක් 

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.