Friday, 15 May 2020

චිත්‍ර කලාව


විෂය                  - චිත්‍ර

පාඩම                - ගෝලාකාර වස්තූන් ඇඳීම

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-05-15

වේළාව              - ප.ව. 2.00


ආයුබෝවන්!!!

දරුවනේ සුබ දවසක් 

අපි චිත්‍ර පාඩමට සූදානම් වෙමු.
අද අපි බලමු සරළ ක්‍රියාකාරකමක් මේක සරළයි කීවට අපිට ඉදිරියට ගොඩාක් වැදගත් වන ක්‍රියාකාරකමක්
අපිට චිත්‍ර කලාවේ අපූරු නිර්මාණ කරන්න ප්‍රධාන අංග 3ක ඕනි කියල ඔයාලා දන්නවා.

වර්ණ,රේඛා,හැඩතල,

අපි මේ සාධක3 ප්‍රයෝජනයට අරන් තමයි මූලික වශයෙන් කලා නිර්මාණයක් කරන්නේ
අපි අද බලමු ගෝලාකාර හැඩයක් නිර්මාණය කිරීමේ ක්‍රම මොනවාද කියල.



මේ තියෙන්නේ වෘත්තාකාර හැඩය මෙහි කිසිඳු ත්‍රිමාන ලක්ෂණයක් දකින්නට නෑ. මොනාද ත්‍රිමාන ලක්ෂණ කියන්නේ ඕනෑම වස්තුවක දිග පලල උස දැක්වීම අපිට ත්‍රිමාන කියල කියන්න පුළුවන්  තව විදිහකට කීවොත් වස්තුවක ඝනත්වය ,ගැඹුර දැක්වීම කියලත් කියන්න පුළුවන් තවත් විදිහකට කීවොත් 3D කියල කියන්න පුළුවන්
අපි බලමු දැන් ⁣කොහොමද මේ වැඩේ කරන්නෙ කියල
මුලින්ම ඔයාල ච්‍ත්‍රය අඳින කඩදාසියේ වෘත්තාකාර හැඩයක් අඳින්න
මේ ක්‍රියාකාර කම මුලින්ම පැන්සලෙන් කරල පසුව වර්ණ කරල කරමු




අපි මේ වැඩේට  බෝලයක් අරගෙන තියාගෙන ආරම්භ කරමු මොකද අපිට හොඳින් ඒ වස්තුවේ ස්වහාවික ආකාරය බලා ගන්න පුළුවන්

වීඩියෝ කොටසෙ අපි දැක්ක කොහොමද එළිය අඳුර දක්වමින් වර්ණ කරන්නෙ කියල.ඇත්තටම මේක ඔයාලා තනියම බලල තේරුම් ගන්න ඕනි දෙයක් ඒ නිසා මුලින්ම බෝලයක් මේසය උඩ තියල බලන්න කොහොමද එළිය වැටෙන්නෙ කොහොමද අඳුර වැටන්නෙ කියල.ඔයාලා තියන බෝලයේ පින්තූරයක් ක්‍රියාකාරකම අවසානයේ  මට එවන්න

 අපිට පේන්න ඕනි ආලෝකය හොඳින් වැටෙන තැන් වඩාත්ම ආලෝකමත් වෙනව අනෙක් තැන් ක්‍රමයෙන් අඳුරු වෙනව කියන දේ මම දැන් ඔයාලට දෙන්නම් ඒවගේ ඇඳපු ලස්සන වැඩ ටිකක් ඔයාලටන් පුළුවන් ඒ නිර්මාණ බලල අලුත් නිර්මාණයක් කරන්න




බලන්න මේ නිර්මාණය දෙස ආලෝකය අඳුර පෙන්නල තියෙන ආකාරය ඒ වගේම ආලෝකය හොඳින්  විනිවිද යන ආකාරය දැක්වීම හරිම ලස්සනයි නේද

දැන් පාඩමට සම්බන්ධ වෙලා ඉන්න දරුවො තමන් කරන අභ්‍යාසය මට එවන්න බලන්න

මේ අභ්‍යාස හොඳින් පුරුදු වුනොත් අපට ⁣ඉදිරියට ගොඩක් දේවල් කරන්න පුළුවන්.



අපි මුලඉඳන්ම පුරුදු වෙමු නේද

කෝ බලන්න තාම කවුරුත් එවිවෙ නෑනෙ බලන්න

අපිට නිදහසේ ඉන්න වෙලාවට පැන්සලක්,කොලයක් අරන් මේව අඳින්න පුළුවන් නිතර නිතර කරන්න පටන් ගත්තම අත හොඳට හුරු  වෙනව. ඒ වගේම නිතරම ස්වභාවික පරිසරයේ තියෙන වස්තූන් අපි අධ්‍යනය කරන්න ඕන. එහෙම උනාමතමයි හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්




ඔයාලට පුළුවන් මේ දේවල් අැඳල යාළුවො දෙමව්පියෝ පුදුම කරන්න පැන්සලනින් කරන්න පුළුවන් දේවල් බොහොමයි නේද




මේ තියෙන්නේ මේ අභ්‍යාසය හොඳින් පුරුදු වුනොත් කරන්න පුළුවන් වැඩ අපි ටික ටික පුරුදු වෙමු නේද.

එහෙනම් අපි අදට පාඩම අවසන් කරමු. අපි ඊලඟ දවසෙ තවත් හැඩයක් අඳින්න පුරුදු වෙමු. සියලුම දෙනා අභ්‍යාස කරල මට එවන්න ඕනි අද දවස ඇතුලත. ඔයාලට පුළුවන් විදිහට අපි අඩුපාඩු හදාගනිමු. එහෙනම් සියලුම දෙනාට

තෙරුවන් සරණයි!!!

මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

ගණිතය



විෂය                   -  ගණිතය

 පරිවේණාචාර්ය  - කේ ඒ ගුණරත්න

 පාඩම                - සාධක හා ගුණාකාර

 දිනය                 - 2020-05-15

 වේලාව             - පෙ.ව.8.00


















මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Thursday, 14 May 2020

පුරවැසි අධ්‍යයනය


විෂය                  - පුරවැසි අධ්‍යයනය

පාඩම                - අප ප්‍රදේශයේ සම්පත් ඵලදායි ලෙස භාවිතය

පරිවේණාචාර්ය  - රාජික මනෝජ්

දිනය                 - 2020-05-14

වේළාව              - ප.ව. 4.00



පුතාලට මම 3ට පුරවැසි කරනව කිව්ව නේ
නමුත් අධාක වැස්ස නිසා පාඩම ටිකක් පස්සට දැම්ම
එහෙනම් දැන් පටන් ගමු.
මේ වීඩියොව බලන්න.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

විද්‍යාව


විෂය                  - විද්‍යාව

පාඩම                - එදිනෙදා ජීවිතයේදී ශක්තිය

පරිවේණාචාර්ය  - නදිත් නිශ්ශංක

දිනය                 - 2020-05-14

වේළාව              - පෙ.ව. 8.30



ආයුබෝවන් දරුවනේ













ඉහත ඉස්කොලේ සටහන් පොතේ ලියා ගන්න.ඊට පස්සේ 59 පිටුවේ ඇති 4.17 රුපය වන ජලවිදුලි බලාගාරය ඇද ගන්න.

54 පිටුවේ පැවරුම 4.3 කර මට එවන්ඩ.


මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

Wednesday, 13 May 2020

සිංහල


විෂය                  - සිංහල

පාඩම                - අක්ෂර මාලාවේ බෙදීම්

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-05-13

වේළාව              - ප.ව. 4.00














අල්පප්‍රාණ අක්ෂර




මහප්‍රාණ අක්ෂර




අඝෝෂ අක්ෂර




ඝෝෂ අක්ෂර

















මෙම පාඩම සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීමට පහත  Comment තීරුව භාවිතා කරන්න.

English


Subject  - English

Lesson  - Opposite Words

Teacher - Mr. Yasas Wijewaradhane

Date      - 2020-05-13

Time     - 7.30 A.M













Use the comment bar below to ask any questions you may have about this lesson.