Tuesday, 21 April 2020

දෙමළ - මගේ පන්තිකාමරය எனது வகுப்பறை

විෂය                  -  දෙමළ

පාඩම                - මගේ පන්තිකාමරය
                                எனது வகுப்பறை

පරිවේණාචාර්ය  - විජිත මැදවත්ත

දිනය                 - 2020-04-21

වේළාව              - ප.ව. 3.00 - 4.30


පුතාල හැමදෙනාටම සුභ සන්ධ්‍යාවක්. මම ශ්‍රී ධීරානන්ද විද්‍යායතන 6 8 9 ශ්‍රේණිය සඳහා දෙමළ විෂය උගන්වන  විජිත මැදවත්ත ගුරුතුමා. දරුවනේ අද අපි  ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ whatsapp හරහා මාර්ගගත ක්‍රමයට, හයවෙනි පාඩම වන ''මගේ පන්තිකාමරය'' යි.  ඒ සඳහා පෙළපොත ළඟට අරගෙන සූදානම් වන්න.  

மகன்கள் அனைவருக்கும் இனிய மாலை. நான் ஸ்ரீ தீரானந்தா வித்யாலயாவின் விஜிதா மேதவத்தா ஆசிரியர். குழந்தைகளே, "எனது வகுப்பறை" என்ற ஆறாவது பாடமான வாட்ஸ்அப் மூலம் இன்று கற்பிக்கத் தொடங்க உள்ளோம். அதற்கு பாடப்புத்தகத்தை தயார் செய்யுங்கள்.


Audio 1🔊


Audio 2🔊


Audio 3🔊


Audio 4🔊




வணக்கம் !!!

Monday, 20 April 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


විෂය                  -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පාඩම                -  මෙහෙයුම් පද්ධති හා ගොනු හැසිරවීම

පරිවේණාචාර්ය   - ප්‍රදීප් සජීව හේරත්

දිනය                 - 2020-04-20

වේළාව              - ප.ව. 6.00 - 7.30





  WELCOME TO









Bye, See you soon! :: Bye :: MyNiceProfile.com


සංගීතය - ස්වර ස්ථාපන ගී ගායනය


විෂය                  -  සංගීතය

පාඩම                - ස්වර ස්ථාපන ගී ගායනය

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-04-20

වේළාව              - ප.ව. 4.30 - 6.00






ස්වර ස්ථාපන ගී ගායනය 



ආයුබෝවන් දරුවනේ අපි පසුගිය පාඩමේදී කතා කළා ස්වර ස්ථාපන ගී කියන්නේ මොනවද කියලා. අද අපි එම ගීත ගායනා කරල බලමු.
ඔබට මතක ඇති ස්වර සප්තකය පිළිබඳව ඉගෙන ගන්නකොට කතා කළා සෑම ස්වරයක ම ඊට  ආවේණික වූ  හඬක් එහෙම නැත්නම් තාරතාවයක්  ඇති බව. "ස" ස්වරයට වඩා "රි" ස්වරය හඬින් ඉහළයි. "රි" ස්වරයට වඩා "ග" ස්වරය හඬින් ඉහළයි. හරියට පඩිපෙලක් දිගේ උඩට නගිනවා වගෙයි. බලන්නකෝ මේ වීඩියෝ එක.




එහෙනම් අපි දැන් බලමු ස්වර ස්ථාපන ගීතයක් ගායනා කරන්න. මුලින්ම අපි බලමු ලියාගත්ත ස්වර ස්ථාපන ගීත වලින් දෙවෙනි ගීතය  (හොඳ දේ හිතමි) මේ ගීතයේ වචන වල සෑම අකුරකටම නිශ්චිත ස්වරයක් වෙන් වෙලා තියෙනවා. ඉතිං අපි ගයනකොට ඒ සෑම අකුරක්ම නිශ්චිත ස්වරයට අනුව හඬ උස් පහත් කළ යුතුයි. මේ ගීතයට අනුව ෂඩ්ජය සහ රිෂභය යන ස්වර දෙක පමණක් භාවිතා වන නිසා, ෂඩ්ජය යෙදෙන තැන් පහල  හඬකිනුත්, රිෂභය යෙදෙන තැන් ඉහළ හඬකිනුත් ගායනා කරමු.





මේ විදිහට ගීත කිහිපයක් මා ගායනා කොට පෙන්වනවා. ඔබ ඒවා නැවත නැවත සවන් දී හොඳින් පුරුදු පුහුණු වන්න



පැවරුම්:-
1. ස්වර ස්ථාපන ගීත එකොළහ අතුරින් දෙවෙනි, හතරවෙනි සහ දහවැනි  ගීත තුන ගායනා කර පෙන්වන්න.

2. නිදහස් වේලාවකදී අනෙකුත් ගීත ගැයීමට හැකි දැයි උත්සාහ කර බලා මා වෙත යොමු කරන්න.

සියලු පැවරුම් මාගේ පෞද්ගලික whatsapp අංකයට යොමු කළ යුතුයි. 0714002718 ජනක ප්‍රසන්න මායාදුන්නේ(සංගීත සර්) තවත් දිනෙක අනෙකුත් ගීත ගැයීමට බලාපොරොත්තුවෙන් අදට පාඩම අවසන් කරමු. 


සුභ දවසක් !!!


Sunday, 19 April 2020

චිත්‍ර - හින්දු කෝවිල ආශ්‍රිත අධ්‍යයනය



විෂය                  -  චිත්‍ර

පාඩම                - හින්දු කෝවිල ආශ්‍රිත අධ්‍යයන

පරිවේණාචාර්ය  - නුවන් ප්‍රසාද්

දිනය                 - 2020-04-19

වේළාව              - ප.ව. 6.00 - 8.00





ආයුබෝවන් !!! හැමෝටම

අපි බෞද්ධ චෛත්‍යය ආශ්‍රිතව පාඩම අවසන් කරල තියෙනව මේ වෙනකොට. දැන් ඊලඟ කොටස වන්නේ හින්දු කොවිල පිළිබඳව අධ්‍යනය කිරීමයි. 








මුලින්ම අපි හින්දු කෝවිලක සැලසුම බලමු.













අපි බලමු හින්දු කෝවිලක දක්නට ලැබෙන විශේෂ නිර්මාන කිහිපයක්

1 නන්දි ගවයා - ශිව දෙවියන්ගේ වාහනය ලෙස සලකන පූජනීය සත්ත්වයාගෙ රුව
2 විමාන තුල ඇති අලංකාර දේව රූප
3අලංකාර කැටයම් සහිත කළුණු
4 ශිව ලිංගය - මේ තමයි හින්දු බැතිමතුන් පුජෝපහාර දක්වන පූජනීය වස්තුව

හින්දු දේවාල තුල උත්සව අවස්ථා අලංකාර කිරීමට මල්වැල් ,කෙසෙල්ගස්,අඹ අතු ආදී දේවල් භාවිතා කරයි.  ඒ වගේම කෝලම් රටා යොදාගනු ලබයි.

අපි තව දුරටත් තොරතුරු ඉදිරියේදී කතා කරමු. සියලුම දරුවන්ට, 

තෙරුවන් සරණයි !!!

සංගීතය - ස්වරස්ථාපන ගීත


විෂය                  - සංගීතය

පාඩම                - ස්වරස්ථාපන ගීත

පරිවේණාචාර්ය  - ජනක ප්‍රසන්න මායාදුන්නේ

දිනය                 - 2020-04-19

වේළාව              - ප.ව. 4.00 - 6.00


ආයුබෝවන්!!!

ස්වර ස්තාපන ගීත


සංගීතය හදාරන්නන් අතුරින් විශේෂයෙන්ම ආධුනිකයන්ට නිවැරදි ව ස්වර හඳුනා ගැනීමේ හා හැසිරවීමේ පහසුව පිණිස නිර්මාණය වූ ගීත ස්වර ස්තාපන ගීත යනුවෙන් හැඳින් විය හැක. සංගීත අධ්‍යාපනය පිළිබඳ ව අධ්‍යක්ෂවරයෙකු වූ ඩබ්ලිව් බී මකුලොලුව සූරින්  මෙම ස්වර ස්ථාපන ගීත ශෛලිය හඳුන්වා දී ඇත. ඊට අමතරව වින්සන්ට් සෝමපාල ශූරීන් සුගතදාස මලල්ගොඩ, පියසේන ප්‍රේමකීර්ති, රත්න දිසානායක, වීරසේන ගුණතිලක වැනි සංගීතඥයින් ද පාසල් සංගීත අධ්‍යාපන පද්ධතියට ගැලපෙන ලෙස ස්වර ස්ථාපන ගීත නිර්මාණය කර ඇත.

පහත  දැක්වෙනුයේ  අඩු ස්වර පරාසයක සිට වැඩි ස්වර පරාසයක් තෙක්  ස්වර විහිදීම ක්‍රමයෙන් සිදු වූ ස්වර ස්ථාපන ගීත යි. එම එක් එක් ගීතයන්හි පද, නිවැරදි නාද මාලාවන් සහිතව ගායනය කොට හුරු වූ පසු, ඊට අදාළ ස්වර ප්‍රස්තාරය ද ගායනය කිරීමෙන් ස්වර ගායන කුසලතාව වර්ධනය කර ගත හැක.












 මෙම ස්වර ප්‍රස්තාර පොතේ සටහන් කරගෙන, ඊලඟ දිනයේදී  ගායනය කිරීමට සූදානම් වන්න. 


ආයුබෝවන්!!!




ඉතිහාසය - ලෝකයේ පැරණි ශිෂ්ටාචාර






විෂය                  - ඉතිහාසය

පාඩම                - ලෝකයේ පැරණි ශිෂ්ටාචාර

පරිවේණාචාර්ය  - සරත් දඹගොල්ල

දිනය                 - 2020-04-19

වේළාව              - පෙ.ව. 8.00 - පෙ.ව. 10.00





භූගෝල විද්‍යාව - නිවස අවට වටපිටාවේ භූමියේ ස්වභාවය



විෂය                  -  භූගෝල විද්‍යාව

පාඩම                - නිවස අවට වටපිටාවේ භූමියේ ස්වභාවය

පරිවේණාචාර්ය  - පූජ්‍ය මෑල්ලගම සුගතරතන හිමි

දිනය                 - 2020-04-19

වේළාව              - පෙ.ව. 7.00 - 9.00




Audio 1🔊

Audio 2🔊

Audio 3🔊

Audio 4🔊

Audio 5🔊




තෙරුවන් සරණයි !!!